සැලසුම් හා නියාමන ඒකකය | National Child Protection Authority
සැලසුම් හා නියාමන ඒකකය Banner image

සැලසුම් හා නියාමන ඒකකය

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබෙන මුල්‍ය ප්‍රතිපාදන අනුව වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම හා අධිකාරිය විසින් පවත්වාගෙන යන සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය නියාමනය මෙම ඒකකය විසින් දිවයින පුර කිරීම සඳහා සැලසුම් හා නියාමන ඒකකය පිහිටුවා තිබේ. මෙම ඒකකය විසින් දිවයින පුරා දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්, දිස්ත්‍රික් මනෝසමාජිය නිලධාරීන් හා ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින් අධිකාරිය මගින් ලබා දෙන සේවයන් කාර්යක්ෂමව, ඵලදායිව හා ගුණාත්මකව ලබා දීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කෙරේ.

තවද මෙම ඒකකය මගින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සියලු ප්‍රාදේශීය සම්බන්ධීකරණය මෙන්ම දේශීය හා විදේශීය රජයේ සියලු අමාත්‍යාංශ සමාගම් හා සංවිධාන සමග සම්බන්ධීකරණය.

සේවාවන්

 සැලසුම් හා නියාමන ඒකකයේ ප්‍රධාන කාර්යභාරයන් පහත පරිදි වේ:

  1. ළමා ආරක්ෂාව පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අදාලව පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සැකසීම හා නියාමනය කිරීම.
  2. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ජාතික ක්‍රියාකාරී සැලසුම් සැකසීම හා නියාමනය කිරීම.
    • ජාතික සංවර්ධන ක්‍රියාකාරී සැලසුම (NDAP)
    • 1929 ක්‍රියාකාරී සැලැස්ම - පැය 24 පුරා ක්‍රියාත්මක වන ගාස්තු රහිත ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය
    • ළමුන් සඳහා වන සමාජ ආරක්ෂණ ක්‍රියාකාරී සැලසුම
  3. සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සංකල්ප පත්‍රිකා සකස් කිරීම.
  4. දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් සැකසීම හා නියාමනය කිරීම.
  5. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තා සකස් කිරීම.
  6. අධිකාරියට ලැබෙන මුල්‍ය ප්‍රතිපාදන සඳහා වන මාසික හා වර්ෂික ප්‍රගති වාර්තා හා කාර්ය සාධන වාර්තා සකස් කිරීම.
  7. වාර්තා සැකසීම අදාල දත්ත එකතු කිරීම, ඇගයීම හා විශ්ලේෂණය.
  8. ජනාධිපති වාර්තා, අගමැති කාර්යාල වාර්තා, අමාත්‍යංශ වාර්තා ආදී වාර්තා සැකසීම හා භාරදීම සහා වාර්ෂික සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මට අදාල මාසික, කාර්තුමය, අර්ධ වාර්ෂික, වාර්ෂික හෝ අවශ්‍ය විටකදී අනෙකුත් වාර්තා ලබා දීම.
  9. දිස්ත්‍රික් නිලධාරීන් සඳහා වන මාසික හා කාර්තුමය දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන ක්‍රියාත්මක කිරීම.
  10. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් නියාමනයට අදාල වාර්තා සැකසීම.
  11. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නිලධාරීන් විසින් ලබා දෙන වාර්තා වලට අදාල කටයුතු සිදු කිරීම.
  12. නියාමන කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යෑම.
  13. ළමා ආරක්ෂාවට අදාල පාර්ලිමේන්තු කමිටු රැස්වීම් හා වෙනත් පාර්ලිමේන්තු රැස්වීම් වෙත සහභාගී වීම.
  14. රාජකාරි නියාමන දින පොත සැකසීම.
  15. 1998 අංක 50 දරන ළමා ආරක්ෂක අධිකාරිය පනත ප්‍රකාරව රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ, රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් ආයතන සමග කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  16. පාර්ශවකරුවන්ගේ රැස්වීම් සඳහා සම්බන්ධීකරණය කිරීම සහ පහසුකම් සැලසීම.
  17. මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන සමග කටයුතු කිරීම ප්‍රධාන වශයෙන්ම ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීම.
  18. සැලසුම් හා නියාමනයට අදාල දැනුවත් කිරීමේ වැඩසටහන් හෝ පුහුණු පැවැත්වීම.
  19. සැලසුම් නියාමන හා කළමනාකරණයට අදාල තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම සහ කළමනාකරණය.

Our Team

නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මිය

අධ්‍යක්ෂ (සැලසුම් සහ තොරතුරු)
Read more

දිමුතු ගලප්පත්ති මහතා

සහකාර අධ්‍යක්ෂ (සැලසුම් හා නියාමන)
Read more

නිල්මිණි විජේරත්න මෙනෙවිය

සැලසුම් සහ නියාමන නිලධාරී
Read more

අපව අමතන්න

ශානිකා මලල්ගොඩ මහත්මිය

සැලසුම් සහ තොරතුරු අංශය

අධ්‍යක්ෂ (සැලසුම් සහ තොරතුරු)

සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධි (පේ.වි.වි), නීතිවේදී උපාධිය (ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය) සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (පේ.වි.වි), ආයතනික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය (පේ.වි.වි), භාෂා පරිවර්තනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (පේ.වි.වි), ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජික

විද්‍යුත් තැපෑල: planning@childprotection.gov.lk

           shanika.ncpa@gmail.com

දුරකථන: 011-2778911-12-14 (දිගු අංකය - 142)

ජංගම දුරකථන අංකය: 077-9501506