සයිබර් ආවේක්ෂණ ඒකකය | National Child Protection Authority
සයිබර් ආවේක්ෂණ ඒකකය Banner image

සයිබර් ආවේක්ෂණ ඒකකය

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනතේ විමර්ශන සදහා වන බලතල ප්‍රකාරව මෙම ඒකකය ක්‍රියාත්මක වේ. 2001 වර්ෂයේ මුල් වරට ආරම්භ කරනු ලැබූ මෙම ඒකකය ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අපරාධ වැලැක්වීම සම්බන්ධයෙන් බිහි කරනු ලැබූ පළමු රාජ්‍ය ක්‍රියාවලියි.

ළමයින්ට විරුද්ධව සිදුකරනු ලබන අසභ්‍ය පළකිරීම් හා ප්‍රකාශන (දණ්ඩ නීති සංග්‍රහයේ 286 (අ) වගන්ති ප්‍රකාරව) වැලැක්වීම උදෙසා මෙම ඒකකය ක්‍රියත්මක කරනු ඇත.

අන්තර්ජාලයේ සිදුවන සයිබර් අපරාධ වාර්තාකරණය සදහා ඉතා පහසු හා ලෙහෙසි මෙවලමක් ලෙස 1929 ළමා ආරක්ෂක යෙදුම හදුන්වාදිය හැකිය. මෙහිදී තවදුරටත් 0773220032 දරන දුරකථන අංකය හරහාද වට්ස් ඇප්, වයිබර් හා අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් හරහාද පැමිණිලි වල වැඩිදුර තොරතුරු හා අන්තර්ජාල ළමා අපයෝජනවලට අදාල තොරතුරු ලබාදිය හැකිය. මෙහිදී,

  • අන්තර්ජාල ළමා අපයෝජන ආවේක්ෂණය සිදු කිරීම.
  • අන්තර්ජාල ළමා අපයෝජන විමර්ශනය සිදු කිරීම.
  • අන්තර්ජාල ළමා අපයෝජන සම්බන්ධීකරණය සිදු කිරීම.
  • ළමා අපයෝජන තොරතුරු අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරීම අවහිර කිරීම.
  • අන්තර්ජාල ආරක්ෂාව පිළිබදව පාසල් සිසුන්, පාසල් ළමා ආරක්ෂක කමිටු සාමාජිකයන්, පාසල් මාධ්‍ය සමාජ සාමාජිකයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන්, තරුණ ප්‍රජාව, වැඩිහිටියන්, නිලධාරීන් සහ වෘත්තිකයන් දැනුවත් කිරීම වැනි කාර්යයන් රැසක් සිදු කරනු ලැබේ.

 

ළමා ලිංගික අපයෝජන සම්බන්ධ තොරතුරු මාර්ගගතව (Online) සොයා ගැනීමට ජාත්‍යන්තර වාර්තාකරණ ප්‍රවේශය

ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවියක්, පින්තූරයක් හෝ වීඩියෝවක් ඔබට හමු වී තිබේ ද? 

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය Internet Watch Foundation (IWF) ආයතනය  සමග ඒකාබද්ධව  අන්තර්ජාලය හරහා සිදුවන ළමා ලිංගික අපයෝජන පිළිබඳ ඡායාරූප වාර්තා කිරීම සහ ඉවත් කිරීම සඳහා IWF Sri Lanka Portal හඳුන්වා දෙනු ලැබේ. 

මෙම වාර්තාකරණ පිවිසුම (Reporting Portal) කළමනාකාරණය කරනු ලබන්නේ Internet Watch Foundation (IWF) ආයතනය විසිනි. එය අන්තර්ජාලය හරහා සිදුවන ළමා ලිංගික අපයෝජන පිළිබඳ ඡායාරූප වාර්තා කිරීම සහ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයයි. IWF යනු එක්සත් රාජධානියේ ස්වාධීන, ලාභ නොලබන සමාජ සේවා සංවිධානයකි. ඔවුන් අන්තර්ජාල සහ තාක්ෂණය හා සම්බන්ධ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, ගෝලීය වශයෙන් නීතිය බලාත්මක කිරීමටත්, ලොව පුරා රාජ්‍ය හා අධ්‍යාපන අංශයේ සංවිධාන, ලාභ නොලබන ආයතන සහ මහජනතාව සමඟ ද සහයෝගයෙන් කටයුතු කරමින් ලොව ඕනෑම තැනක පවතින ළමා ලිංගික අපයෝජන හා සම්බන්ධ ඡායාරූප හා වීඩියෝ අවහිර කිරීම සහ නැවැත්වීම සිදු කරයි.  

IWF ආයතනය විසින් නිකුත් කරනු ලබන සෑම වාර්තාවක්ම, ඔවුන් විසින් විමර්ශනය කරනු ලබන සයිබර් අපරාධ සම්බන්ධ තොරතුරු වලට අදාළ දත්ත ගබඩා කර ඇති ස්ථානයට (Server) අදාළ භූගෝලීය පිහිටීම ඔවුන්ගේ ඉහළ පුහුණුව ලත් විශ්ලේෂකයන් විසින් නූතන තාක්ෂණික අන්තර්ජාල ලුහුබැඳීමේ ශිල්පීය ක්‍රම භාවිත කරමින් භෞතිකව සොයා ගනු ලබයි. මේ හරහා එම ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත නිවැරදි තොරතුරු ලබා දීම සිදු කරයි.  

ශ්‍රී ලංකාව සඳහා වෙන්ව ඇති වාර්තාකරණ අවකාශයට ප්‍රවේශ වීමට කරුණාකර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙබ් අඩවියේ  මුල් පිටුවේ සම්බන්ධකර ඇති  මාර්ගගත ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය  යන බොත්තම ඔස්සේ පිවිසෙන්න.

Our Team

සජීවනී අබේකෝන් මහත්මිය (AAL)

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

චන්දිමා දුනුවිල මහත්මිය (AAL)

සහකාර අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

අපව අමතන්න

සජීවනී අබේකෝන් මහත්මිය

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)

නීතිවේදී උපාධිය, නීතිපති උපාධිය (කො.වි.වි)

විද්‍යුත් තැපෑල: law.enforce@childprotection.gov.lk 

           sajeewani.ncpa@gmail.com

දුරකථන අංකය: 011-2778911-12-14  (දිගු අංකය - 269)