දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක සේවාවන් | National Child Protection Authority
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක සේවාවන් Banner image

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක සේවාවන්

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියෝජනය කරන ප්‍රාදේශීය නිලධාරීන් සහ දිස්ත්‍රික් නිලධාරින් දිවයින පුර ව්‍යාප්තව සිටි.  දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරින් (DCPO) සහ දිස්ත්‍රික් මනෝසාමාජීය  නිලධාරින් (DPSO) සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් වෙතම අනියුක්තකර තිබෙන අතර සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙතම  ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින් (Div.CPO)අනියුක්තකර තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සමීප අධීක්ෂණය යටතේ එම නිලධාරින් වෙත පවරා ඇති රාජකාරි සිදුකරනුලබයි. 

සේවාවන්

  • දිස්ත්‍රික්කය තුළ ළමා ආරක්ෂාව සම්බන්ධව සිදුකරන සියළුම කටයුතු සඳහා නායකත්වය දීම, සම්බන්ධීකරණය, නියාමනය සහ පසුවිපරම් කිරීම.
  • ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය විසින් යොමු කරන ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සහ ප්‍රගතිය පිළිබඳ වාර්තා සැපයීම.
  • ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි භාරගැනීම, ක්‍රියාත්මකවීම, අදාල ආයතන වෙත පැමිණිලි යොමු කිරීම, තොරතුරු හුවමාරු කරගැනීම, සම්බන්ධීකරණය, නියාමනය සහ පසුවිපරම් කිරීම.
  • ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට මැදිහත්වීම.
  • දිස්ත්‍රික්කය තුළ සිදුවන ළමයින්ට අදාල නඩු කටයුතු පිළිබඳ පසුවිපරම් කිරීම සහ නියාමනය කිරීම.
  • ළමයින් සියළු ආකාර අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධව විවිධ ප්‍රජාවන් නියෝජනය වන පරිදි ළමයින්, තරුණයින්, වැඩිහිටියන්, වෘත්තිකයන් සහ වැඩසටහන්, දැනුවත් කිරීම් සහ පුහුණු පැවැත්වීම.
  • ළමා අපයෝජන සම්බන්ධ සිද්ධි සමාලෝචන සඳහා සහභාගිවීම, නියාමනය සහ පසුවිපරම් කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා දිගුකාලීන සහ කෙටිකාලීන මැදිහත්වීම සිදුකිරීම.
  • පාසල් ළමා ආරක්ෂක කමිටු සහ පාසල් ශිෂ්‍යතනාපති වැඩසටහන මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය සහ පසුවිපරම් කිරීම.
  • ළමා අපයෝජන සහ ප්‍රවණතා පිළිබඳ පර්යේෂණ පැවැත්වීම.
  • සම්පත්දායකයකු ලෙස දිස්ත්‍රික්කය තුළ ළමා ආරක්ෂාව පිළිබඳ වැඩසටහන් පැවැත්වීම.
  • දිස්ත්‍රික්කය තුළ ළමයින්ට අදාල දත්ත යාවත්කාලීන කිරීම සහ පවත්වාගෙන යාම සහ ළමා ආරක්ෂාව පිලිබඳ ජාතික දත්ත පද්ධතිය පවත්වාගෙන යාම සඳහා සහය ලබාදීම.
  • දිස්ත්‍රික්කය තුළ සිටින ළමුන් පිළිබඳ දත්ත විශ්ලේෂණය, විශ්ලේෂණය මත පදනම්ව ගැටළු හඳුනා ගැනීම, වැඩසටහන් නිර්මාණය කිරීම සහ ප්‍රාදේශීය නිලධාරීන් සමග සම්බන්ධව එම ගැටළු අවම කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  • අවශ්‍ය විටදී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙන්වීම.
  • දිස්ත්‍රික්කය තුළ සේවයේ නියුතු ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරී සම්බන්ධීකරණය සහ නියාමනය.
  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය, සම්මතකරණය සහ පසුවිපරම් කිරීම.
  • 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ප්‍රකාර බලතල ක්‍රියාත්මක කිරීම. 

  • දිස්ත්‍රික්කය තුළ ළමා ආරක්ෂාව සම්බන්ධව මතුවන සියළුම මනෝ සමාජීය අවශ්‍යතා සඳහා නායකත්වය දීම, සම්බන්ධීකරණය, නියාමනය සහ පසුවිපරම් කිරීම.
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත වාර්තාවෙන පැමිණිලි විමර්ශනය කිරීම, දිස්ත්‍රික් මට්ටමින් ළමා ආරක්ෂාව සම්බන්ධව ලැබෙන පැමිණිලි භාරගැනීම, වාර්තා වූ පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මකවීම මනෝ සමාජීය මැදිහත්වීම, සිද්ධි අධ්‍යයන ඇගයීම, අදාල පාර්ශව සඳහා යොමුකිරීම සහ නියාමනය සහ පසුවිපරමෙන් පසු ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා සැපයීම.
  • වින්දිත ළමුන් වෙනුවෙන් කෙටිකාලීන සහ දිගුකාලීන මැදිහත්කරණය සඳහා අදාල ආයතන සමග සම්බන්ධීකරණය කිරීම/ ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත්වීම. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත සෑම පැමිණිල්ලක්ම පළමු වාර්තාව ලැබුණු පසු දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරීන්ගේ මැදිහත්වීම සඳහා පැමිණිලි යොමුවේ.
  • සිත් සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ළමුන් නැවත නැවත වින්දිත භාවයට පත්වීම සහ අවදානමට ලක්වීමට ඇති අවදානම අඩුකිරීම සඳහා සිදුකරනු ලබන උපදේශනය, විකිත්සාව සහ මනෝ සමාජීය ප්‍රතිකාර ලබාදෙන නීතිමය ක්‍රියාවලියේදී සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ සේවා සහ උපදේශන සහ කම්කරු ක්ෂේත්‍ර වල ආයතන (පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුව, පොලිස් දෙපාර්තුමේන්තුව, නීති ආධාර කොමිෂන් සභාව, මනෝ වෛද්‍යවරු සහ අධිකරණ වෛද්‍යවරු) සමඟ සම්බන්ධීකරණය කිරීම.
  • ළමා අපයෝජනය වළක්වා ගැනීමට සහ අවම කිරීමට මෙන්ම ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මනෝ සමාජීය වැඩසටහන් පැවැත්වීම.
  • ප්‍රජා මුලික දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම, පාසල් ළමා ආරක්ෂක කමිටු සහ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සමඟ ඒකාබද්ධව මනෝ සමජීය වැඩසටහන් පැවත්වීම, ගම්මාන, යෞවන සමාජ, සිවිල් සංවිධාන, ගුරුවරුන්, පාසල් සිසුන් සහ උපදේශන ගුරුවරුන් සඳහා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ පුහුණු ලබාදීම.
  • ළමා උපදේශන, හැසිරීම පාලනය කිරීම, සංගීත චිකිත්සාව, චිත්‍ර චිකිත්සාව, නීතිය සහ නීතිය බලාත්මක කිරීම පිළිබඳ තාක්ෂණික සහය ලබාදීම.
  • දිස්ත්‍රික් මට්ටමින් අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සංවිධානය කරනු ලබන මනෝ සමජීය දැනුවත් කිරීම සහ පුහුණු වැඩසටහන් සඳහා සම්පත්දායකත්වයන් වශයෙන් දායකත්වය ලබාදීම.
  • දිස්ත්‍රික්කය තුළ සිටින අනාරක්ෂිත සහ වින්දිත ළමුන් පිළිබඳ තොරතුරු රැස්කිරීම, අවදානම් සහගත ළමුන් සහ පවුල් පිලිබඳ තොරතුරු යාවත්කලීන කිරීම සඳහා සහ නැවත වින්දිතභවයට පත් නොවීම සඳහා අවශ්‍ය උපදේශන සහ මනෝ සමාජීය ආරක්ෂාව ලබාදීම.
  • දිස්ත්‍රිකය තුළ පවතින ගැටළු හඳුනා ගැනීම, දැනට පවතින දත්ත මත පර්යේෂණ සිදුකිරීම, ළමා අපයෝජන පිළිබඳ නව ප්‍රවණතා හඳුනා ගැනීම, ජාතික මට්ටමේ පර්යේෂණ සඳහා පර්යේෂණ ගැටළු/ මූල හේතු යොමුකිරිම සහ ගැටළු අවම කර ගැනීම සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ළමා සංවර්ධන මධ්‍යස්ථාන, ළමුන් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථාන සහ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය කිරීම සහ ආරක්ෂාව ලබාදීම සහ එම ආයතන වල මනෝ සමාජීය සංවර්ධනය ඇතිකිරීමට දායකවීම සහ පසුවිපරම් කිරීම.
  • හදිසි අපදා තත්වයන් වලදී ළමුන්ගේ මනෝ සමාජීය තත්වය ඉහළ දැමීම/ යහපත් කිරීම සඳහා මැදිහත්වීම.
  • ගුරුවරුන් සඳහා පෞර්ෂ සංවර්ධන වැඩසටහන්, ජීවන නිපුණතා සංවර්ධනයට සහ ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා මනෝ සමාජීය සංවර්ධන වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් සහ නායකත්ව පුහුණු සංවිධානය කිරීම.
  • දිස්ත්‍රික්කය තුළ සේවයේ නියුතු ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන්ගේ මනෝ සමාජීය සේවයන්ට සම්බන්ධ රාජකාරි සම්බන්ධීකරණය සහ නියාමනය කිරීම සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් විසින් හඳුනා ගෙන ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ මනෝ සමාජීය මැදිහත්කරණය ලබාදීම.
  • රජයේ සාක්ෂිකරුවෙකු ලෙස උසාවි, කම්කරු දෙපාර්තුමේන්තුව සහ අනෙක් ආයතන වල පවතින විමර්ශන කටයුතු සඳහා පෙනී සිටීම.
  • 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ප්‍රකාර බලතල ක්‍රියාත්මක කිරීම.

 

 

  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ළමා ආරක්ෂාවට අදාල සියළු කටයුතු සඳහා නායකත්වයදීම, සම්බන්ධීකරණය, නියාමනය සහ පසුවිපරම.
  • 1929 ළමා උපකාර දුරකථන සේවය තුළින් ලද හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් යොමුකරන ලද ළමා අපයෝජන පැමිණිලි විමර්ශනය කිරීම සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත ප්‍රගතිය වාර්තා කිරීම.
  • පැමිණිලි භාර ගැනීම, අදාල ආයතන වෙත යොමු කිරීම සහ සම්බන්ධීකරණය, විමර්ශනය සහ අවශ්‍ය මැදිහත්කරණය සිදුකිරීම. අවශ්‍ය විටදී දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී සහ දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීම.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය තුළ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට මැදිහත්වීම.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අදාල ළමා ආරක්ෂාව සම්බන්ධ නඩු නියාමනය සහ පසුවිපරම් කිරීම.
  • නියමකර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ තුළ ළමයින් සම්බන්ධ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම.
  • පවතින දත්ත මත ප්‍රාදේශීය මට්ටමේ පර්යේෂණ පැවැත්වීම, ළමා ආරක්ෂාව සම්බන්ධ ගැටළු සහ නව ප්‍රවණතා හඳුනා ගැනීම, ගැටළු අවම කරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
  • ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය තුළ විවිධ ප්‍රජාවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය තුළ සංවිධානය කරනු ලබන ළමා ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සම්පත්දායකයෙකු වශයෙන් දායකත්වය ලබාදීම.
  • හදිසි ආපදා සහ ගැටුම් වලින් බලපෑමට ලක්වූ ළමුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය මැදිහත්කරණය සහ අදාල ආයතන සම්බන්ධීකරණය කිරීම.
  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන, දිව සුරැකුම් මධ්‍යස්ථාන සහ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය කිරීම, සම්මතකරණය කිරීම සහ පසුවිපරම් කිරීම.
  • 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ප්‍රකාර බලතල ක්‍රියාත්මක කිරීම.