මානව සම්පත් අංශය | National Child Protection Authority
මානව සම්පත් අංශය  Banner image

Our Work Culture

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනත ප්‍රකරව අධිකාරිය මත පවරා ඇති කාර්යයන් හා බලතල අනුව සකස් කරන ලද අධිකාරියේ දැක්ම වන ළමුන් සදහා ළමා හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම මෙන්ම අධිකාරියේ මෙහෙවර වන ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් නිදහස් බව තහවරු කිරීමට අදාලව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයන් වඩා ඵලදායි ලෙස ඉටුකිරීම සදහා "පරිපාලන හා මානව සම්පත් අංශය "මගින් ඉටුකරනු ලබන කාර්යයන් පහත පරිදී වේ.

 

පරිපාලන හා මානව සම්පත් අංශයේ කාර්යන්

අවශ්‍ය සේවක පිරිස් සැලසුම් කිරීම - නව තනතුරු ඇති කිරීම / පවත්නා තනතුරු සංශෝධනය කිරීම /බදවා ගැනීමේ පරිපටිය සකස් කිරීම හා සංශෝධනය කිරීමට අදාල කටයුතු සිදු කිරීම

අනුමත කාර්ය මණ්ඩලයේ ඇතිවන පුරප්පාඩු සදහා සේවකයින් බදවා ගැනීම ( පුවත් පත් දැන්වීම් මගින් අයදුම්පත් කදවා සම්මුඛ පරීක්ෂණ / විභාග පවත්වා සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීම )/ කොන්ත්‍රාත් පදනම මත / වැඩ ආවරණය කිරීමේ පනත මත / වැඩ ආවරණය කිරීමේ පනත මත / වැඩ බැලීමේ පනත මත /රාජකාරි කිරීමේ පදනම මත පුරප්පාඩු සදහා සේවකයින් පත් කිරීම.

පරිවාස කාලය සම්පුර්ණ කරන ලද අධිකාරියේ නිලධාරීන් / සේවකයන් සදහා කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වීම / සේවක ස්ථිර කිරීම හා සුදුසුකම් සපුරා ඇති සේවකයින් නියමිත කාලය තුල ශ්‍රේණිගත කිරීම.

ස්ථාන මාරු පටිපාටිය අනුව අධිකාරයේ නිලධාරීන් / සේවකයින් ප්‍රධාන කාර්යාල / ප්‍රාදේශීය ලේඛම් කාර්යාල / දිස්ත්‍රික් ලේඛම් කාර්යාල වෙත ස්ථාන මාරු සිදු කිරීමට අදාළ සියලු කටයුතු සිදු කිරීම.

කාර්ය මණ්ඩල නිලදාරීන්ගේ /සේවකයන්ගේ පුහුණු අවශ්‍යතා හදුනා ගැනීම / පුහුණු වලට අදාල වාර්ෂික සැලසුම් සකස් කිරීම හා දේශීය හා විදේශීය පුහුණු සදහා කාර්ය මණ්ඩල නිලධාරීන් යොමු කිරීම.

රාජ්‍ය වක්‍රලේඛනයන්ට යටත්ව උක්ත පුහුණු ලබාදීම සදහා මස 6 ක උපරිම කාලයක් ආයතනයක් තුල පුහුණු ලබාදීමට අවශ්‍ය පරිපාලනමය කටයුතු , පුහුණු සහතික ලබාදීම හා ඔවුන්ට අදාළ පහසුකම් ලබදීම.

කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ / සේවකයින්ගේ දේශීය හා විදේශීය නිවාඩු සම්බන්ධ කටයුතු සිදු කිරීම / ලේඛන යාවත්කාලින කර පවත්වාගෙන යම / අතිකාල දීමනා සම්බන්ධ කටයුතු සිදු කිරීම / දෛනික පැමිණීමට අදාල තොරතුරු පවත්වාගෙන යාම.

කාර්ය මණ්ඩල නිලධාරීන් / සේවකයන් අග්‍රහාර රක්ෂනවරණයට ඇතුලත්කර ගැනීම, රෝහල් ගත කිරීමේදී ඊට අදාල ප්‍රතිලාභ කාර්ය මණ්ඩල නිලධාරීන් වෙත ලබා ධිමට කටයුතු සිදුකිරීම.

කාර්ය මණ්ඩල නිලධාරීන් / සේවක්නයන්ගේ මාසික වැටුප් සකස්කිරීම / වාර්ෂික වැටුප් වර්ධක සකස් කිරීම / වැඩ බැලීමේ දිමනා / වැඩබැලීමේ දීමන / රාජකාරි ඉටු කිරීමේ දීමන සකස් කිරීම.

කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ / සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු ක්‍රමවත්ව පවත්වාගෙන යාම ( පත් කිරීම / සේවයෙන් ඉල්ලා අස් වීම / සේවය අතහැර යාම / සේවා සහතික නිකුත් කිරීම / ස්ථාන මාරු ලබා දීම සම්බන්ධ සියලු ලේඛන සම්බන්ධ හා අදාළ ගොනු විධිමත්ව පවත්වාගෙන යෑම.

අධිකාරියේ නිලධාරීන්ගේ / සේවකයන්ගේ සාමාන්‍ය හැසිරීම් හා විනය පවත්වා ගෙන යාමට අදාළ කටයුතු සිදු කිරීම / නිලධාරීන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.

අධිකාරියේ අවශ්‍යතා මත ගොඩනැගිලි ඉදිකිරීම්වලට අදාළ සියලු කටයුතු සිදු කිරීම

අධිකාරියට අයත් ගොඩනැගිලි / කාර්යාල උපකරණ නඩත්තු කිරීමට අදාළ කටයුතු සිදු කිරීම ( සියලු අලුත් වැඩියා කටයුතු / වාර්ෂික සේවාවන් සිදුකිරීමට අදාළ කටයුතු සිදු කිරීම.

නිලධාරීන්ට හා සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධ කටයුතු , සියලු නිල වාහන හා සන්චිත වාහන නඩත්තු කිරීම ( අලුත්වැඩියා කටයුතු / පුර්ණ සේවාවන් සිදුකිරීම / ආදායම් බලපත්‍ර ලබා ගැනීම / රක්ෂණය කිරීම / වාහන අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම.

අධිකාරියේ ක්‍රියාකාරී සැලසුම් වලට අනුව අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමට අදාලව වාර්ෂික ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම සහ ප්‍රසම්පාදන සැලසුම් ක්‍රියාත්මක කිරීම.

අධිකාරිය වෙත දෛනිකව ලැබෙන ලිපි අදාළ අංශ වෙත බෙදාහැරීම / අධිකාරිය වෙතින් වෙනත් ආයතන වෙත යොමු කරනු ලබන ලිපි තැපැල් කාර්යාල වෙත යොමු කිරීම.

පරිපාලන අංශයට අයත් භාණ්ඩ බදු වට්ටෝරු පොතට ඇතුලත් කිරීම

  • වාර්ෂිකව / කාර්තුමය /මාසික තොරතුරු හා වාර්තා ලබා දීම

( මුදල් අමාත්‍යංශ / කළමනාකරණ සේවා දෙපාර්තුමේන්තුව / රෙඛීය අමාත්‍යංශ / කොම්ප්ට්‍රෝලර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව / විඝනකාධිපති දෙපාර්තුමේන්තුව )

  • තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කරනු ලබන තොරතුරු ලබා දීම

Our Team

ජනක උදය කුමාර මහතා

සහකාර අධ්‍යක්ෂ (මානව සම්පත් සහ පරිපාලන)
Read more

යමුනා හේරත් මහත්මිය

පරිපාලන නිලධාරී
Read more

බුද්ධිමා රත්නායක මහත්මිය

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
Read more

Contact Us

Mr. Sampath Gunawardena

BLE (UoC), MAin Sociology (UoK), Diploma in Mgt (UoP), Member of Institute of Personnel Management

Email: sampath.ncpa@gmail.com / admin@childprotection.gov.lk

Contact: 011-2778911-12-14 (Extension - 134)

Mobile: 077-186640