ළමා උපකාරක දුරකතන සේවය යනු ළමා ආරක්ෂාව පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් යොමු කළ හැකි රාජ්‍ය රහාස්‍ය උපකාරක දුරකතන සේවයකි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14(ඔ) පැමිණිලි භාර ගැනීම හා අවශ්‍ය අවස්ථා වලදී ඒවා නිසි බලධාරියා වෙත යොමු කිරීම ප්‍රකාරව මෙම ඒකකය ස්ථාපිත කර ඇත.ඒ අනුව,මෙම ඒකකය මගින් දුරකථනය ඔස්සේ ලැබෙන සියලුම ඇමතුම් සදහා ක්‍රියාත්මක වන වන අතර සිංහල, දෙමල හා ඉංග්‍රීසි යන මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා දිය හැකිය.එසේම මෙම සේවාව පය 24 පුරාම දින 365 තුලම ක්‍රියාත්මක වන අතර, සියලුම දුරකථන ඇමතුම් ගාස්තු වලින් නිදහස් කර ඇත.එසේම මෙම දුරකථන සේවයට වයස අවු:18ට අඩු ඕනෑම ළමයෙකුට සම්බන්ධව ළමා අපයෝජනවලට අදාල පැමිණිලි හෝ තොරතුරු ඕනෑම ලමයෙකුට, දෙමපියෙකුට, භාරකරයකුට, ඕනෑම අයකුට හෝ ආයතනයකට සිදුකල හැකිය. ඊට අමතරව ළමයෙකු සම්බන්ධව උපදෙස් මනෝ සමාජීය උපදේශනයක් හෝ මනෝ උපදේශන සේවා ලබා ගැනීමට හැකියාව ඇත. මෙහිදී, තොරතුරු ලබා දෙන ඕනෑම අයෙක් සුරක්ෂිතයි. එසේම එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය බැදී සිටි.
මෙම දුරකථන සේවය හරහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ළමා අපයෝජන වැරදි, ලමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ වැරදි, ළමා හා යෞවන ආඥාපනත යටතේ වැරදි, අනිවාර්ය අධ්‍යාපන පනත යටතේ වූ වැරදි හා ළමයින්ට එරෙහිව සිදුවන ලබන ඕනෑම හිංසනයන් හා අපයෝජනයන් ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව යම් උපදේශන සේවාවන් හා නීතිමය උපදෙස් අවශ්‍ය නම් අධිකාරියේ නීති අංශය හෝ මනෝ සමාජීය අංශය සම්බන්ධ කර දීමට කටයුතු කරනු ඇත.

1929 ළමා උපකාරක දුරකථන සේවය ශ්‍රී ලංකික ළමුන්ගේ හඬට සංවේදී වෙමින් සුවිසේෂි කාර්‍යභාරයක් ඉටුකරයි, එමෙන්ම නීතියෙන් සහ රාජ්‍ය පද්ධතීන් මගින් සියලු අවස්ථාවලදී මෙම ළමුන්ගේ ආරක්ෂාව, අභිමානය, සහ ආරක්ෂාව සඳහා ඇති ප්‍රවේශය සහ සේවාවන් තහවුරුකරනු ලැබේ.
අප ළමුන්ගේ ආරක්ෂාව පිළිබද අයිතින් සඳහා කටයුතු කරන අතර සමාජය තුළ අවදානමට ලක්වූ සහ ආන්තික ළමුන් සඳහා අවධානය යොමුකෙරේ.
- තම පවුල,පාසල සහ යම් ආයතන තුළ ශාරීරිකව,ලිංගිකව හෝ මානසිකව අපයෝජනයට ලක්වූ ළමුන්
- මනෝසමාජීය සහය සහ මගපෙන්වීම අවශ්‍ය ළමුන්
- වීදි ළමුන්
- මෙහෙකාර සේවයේ යොදවන ළමුන් - ළමා ශ්‍රමය
- ළමා වෙළෙදාමේ වින්දිතයන්
- නීතිමය ගැටුම්වලට ගොදුරුවූ ළමුන්
- දෙමාපියන් සහ භාරකරුවන් විසින් අතහැර දැමු ළමුන්
- මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ ළමුන්
- ආයතනගත ළමුන්
- අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ ළමුන් ඇතුලු අපදා වලට ගොදුරුවූ ළමුන්
- කම්පන කාරී අවස්ථාවලට මුහුණදුන්]සහ මුහුණදෙමින් පවතින පවුල් වල ළමුන්


