අභ්‍යන්තර විගණන අංශය | National Child Protection Authority
අභ්‍යන්තර විගණන අංශය Banner image

අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන අංශය අධිකාරියේ මුල්‍ය කටයුතු පිලිබදව අභ්‍යන්තරය පාලනය කිරිම පිහිටුවන ලද අතර, එමගින් අඛණ්ඩ පර්යේෂණ මුල්‍ය හා අනෙකුත් මෙහෙයුම් පද්ධති ක්‍රියාකාරිත්වය හා ක්‍රියා පටිපාටි ස්වාධීන ඇගයීම් මෙමගින් සිදුවේ.

මෙහි මුලික අරමුණ වනුයේ වැරදි හා වංචා වැලකීම හා අනාවරණය සදහා භාවිත කරන ලද අභ්‍යන්තර ආවේක්ෂණයේ අඛණ්ඩ හා ප්‍රමාණවත් බව තහවුරු කිරීම මගින් 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනත ප්‍රකාරව, අවශ්‍ය විටෙකදී අධිකාරියේ ඉහල පරිපාලන කටයුතු සදහා සහය වෙමින් සමස්ථ පරිපාලනයට මග පෙන්වීම.

  1. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යයන් වල ඵලදායිතාව ඉහල නැංවීමට කටයුතු කිරීම.
  2. විගණන හා කළමනාකරණ කමිටුව මගින් මග පෙන්වන පරිදි කාර්ය සාධනය ශක්තිමත් කිරීම.
  3. කළමනාකාරිත්වයට තීරණ ගැනීම උපයෝගිවන පරිදි, වාර්ෂික අභ්‍යන්තර විගණන සැලැස්ම හා මාසික විගණන පැවැත්වීම මෙන්ම වාර්තා ඉදිරිපත් කිරීම.
  4. වැරදි හා වංචා වැලැක්වීම සදහා අභ්‍යන්තර ආවේක්ෂණ හා පාලන පද්ධති ප්‍රමාණවත් ද යන වග නිර්ණය කිරීම.
  5. මහජන පරිපාලන විෂයෙහි මුලික වූ අමාත්‍යංශය හා මහා භාණ්ඩාගාරය මගින් කලින් කලට නිකුත් කරන ආයතන සංග්‍රහය, රජයේ මුල්‍ය විධිවිධානය, අනෙකුත් පරිපුරක නිර්දේශ, රජයේ වක්‍රලේඛ අනුගමනය කිරීම සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කළමනාකාරිත්වය දැනුවත් කිරීම.
  6. ඵලදායි දෝෂ රහිත මෙහෙයුම් ක්‍රියාවලියකට හා අඛණ්ඩ සංවර්ධනය සදහා අවශ්‍ය විටෙකදී විශේෂ විමර්ශනය දියත් කිරීම.
  7. වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, වැඩසටහන් හා විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිර්ණය කිරීම හා වැඩසටහන් හා සැලසුම් කුමන ප්‍රමාණයේ ඉලක්ක වෙත ළඟා වී තිබේද යන්නෙහි පරතරය විශ්ලේෂණය කර, කළමනාකාරිත්වය වෙත ඉස්මතු කොට ඒවා මගහරවා ගැනීමට කටයුතු කිරීම.
  8. විගණන විමර්ශනය සඳහා අදාළ අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක හා රජයේ විගණක සම්බන්ධීකරණය කිරීම, නිසි වෙලාවට විගණන විමසුම් ඉදිරිපත් කිරීම, අභ්‍යන්තර විගණනය හා සම්බන්ධ කටයුතු සදහා අවශ්‍ය තොරතුරු ලබාදීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කළමනාකාරිත්වය වෙනුවෙන් ස්ථිර සබඳතාවක් පවත්වාගෙන යාම.

 

අපව අමතන්න

රුවනි අදස්සුරිය මහත්මිය

අභ්‍යන්තර විගණක

මුල්‍යකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ජ.වි.වි), මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (කො.වි.වි), වරලත් ගණකාධිකාරී (අවසන් අධියර), (CAB), සහතිකලත් ගණකාධිකාරී (ICASL)

විද්‍යුත් තැපෑල:  internalauditor.ncpa@gmail.com

           ruwania.ncpa@gmail.com 

දුරකථන අංකය: 011-2778911-12-14 (දිගු අංකය - 140)

ජංගම දුරකථන අංකය: 0772 35 88 13

ෆැක්ස්: 011 2 778915