පුරප්පාඩු | National Child Protection Authority
පුරප්පාඩු Banner image

පුරප්පාඩු

ළමා අපයෝජන වැලැක්වීම, ළමා ආරක්ෂාව ඇති කිරීම සහ එවැනි අපයෝජනවල වින්දිතයන් වූ ළමුන්ට ප්‍රතිකාර කිරීම සහ සියලු ආකාර ළමා අපයෝජන වලට එරෙහි ක්‍රියාවන් නියාමනය සහ ඒ පිළිබඳ සම්බන්ධීකරණය සඳහා අදාල වන නීති සහ ප්‍රතිපත්ති ඇති කිරීම සඳහා රජයට උපදෙස් දීම වෙනුවෙන් 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා තිබේ.

දැනට පවතින පුරප්පාඩු

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි පහත සඳහන් ඇබෑ ර් තු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

 

1. අධ්‍යක්ෂ මණ්ඩල  ලේකම් - JM 1-1  තනතුරු - 01( කොළඹ )

 

2.මනෝසමාජීය  නිලධාරී  - JM 1-1 -තනතුරු - 01 (කොළඹ )

 

3.විමර්ශන  සහකාර  - MA 3  - තනතුරු - 02(කොළඹ )

 

4.සැලසුම් සහකාර  - MA 3 -  තනතුරු - 01(කොළඹ )

 

5. අන්තර්ජාල  ආවේක්ෂණ  සහකාර  - MA 3 - තනතුරු -  01(කොළඹ )

 

6. වැඩසටහන් සහකාර  - MA 3 තනතුරු - 02 (කොළඹ )

 

7.  ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී  - MA 3  තනතුරු - 25 

 

8.  රියදුරු   - PL 3  තනතුරු - 02 

 

මේ පිළිබඳ 2026.08.09 වන සිකුරාදා දින දිනමිණ පුවත්පතේ පලකරන ලද දැන්වීම සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න

 

පුවත්පත් දැන්වීම

 

Specimen Application

 

අදාළ තනතුරු සඳහා වන ආදර්ශ අයදුම්පත් පෝරම පහත සබැඳිවලින් බාගතකරගතයුතු අතර යථා පරිදි සම්පුර්ණ කරන ලද  ආදර්ශ අයදුම්පත  සහ දැන්වීමේ දක්වා ඇති සහතිකද සමග 2026.08.24 වන දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමු කරන්න.

අයදුම්පත් බහාලන ලියුම් කවරයෙහි වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර සහ පරීක්ෂණය සඳහා ඉදිරිපත්වීමට කැමති මාධ්‍ය (ඉංග්‍රීසි/සිංහල/දෙමළ) සඳහන් කලයුතුය.

එක් තනතුරකට වඩා අයදුම් කරන්නේනම් එක් එක් තනතුර සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත් යොමුකලයුතුය.

ලිපිනය : සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නො: 330, තලවතුගොඩ පාර, මදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර.

දුරකතන අංකය : 0112778911 -14