පුරප්පාඩු | National Child Protection Authority
පුරප්පාඩු Banner image

පුරප්පාඩු

ළමා අපයෝජන වැලැක්වීම, ළමා ආරක්ෂාව ඇති කිරීම සහ එවැනි අපයෝජනවල වින්දිතයන් වූ ළමුන්ට ප්‍රතිකාර කිරීම සහ සියලු ආකාර ළමා අපයෝජන වලට එරෙහි ක්‍රියාවන් නියාමනය සහ ඒ පිළිබඳ සම්බන්ධීකරණය සඳහා අදාල වන නීති සහ ප්‍රතිපත්ති ඇති කිරීම සඳහා රජයට උපදෙස් දීම වෙනුවෙන් 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා තිබේ.

දැනට පවතින පුරප්පාඩු

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පහත තනතුරු සඳහා සුදුසු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

1. තොරතුරු තාක්ෂණ නිලධාරී  (JM 1-1) තනතුරු  01 (කොළඹ )

 

2. සාක්ෂි පටිගත කිරීමේ සහකාර (MA 03) තනතුරු 04 (කොළඹ  02, කරාපිටිය 01, අනුරාධපුර 01)

 

3. චිකිත්සක (MA 03)  තනතුරු 02 (කොළඹ)

 

4. වීඩියෝ තාක්ෂණ  සහකාර ( MA 2 -1)  තනතුරු 03 (කොළඹ  01, කරාපිටිය 01, අනුරාධපුර 01)

 

5. කළමනාකරණ  සහකාර - තාක්ෂණික නොවන - (යතුරුලියන කටයුතු) සිංහල (MA 1-1)  -  තනතුරු 03 (කොළඹ  01, කරාපිටිය 01, අනුරාධපුර 01)

 

6. කළමනාකරණ  සහකාර - තාක්ෂණික නොවන - (යතුරුලියන කටයුතු) දෙමළ (MA 1-1) -  තනතුරු 03 (කොළඹ  01, කරාපිටිය 01, අනුරාධපුර 01)

 

7.කළමනාකරණ  සහකාර - තාක්ෂණික නොවන - (සෝදුපත් බැලීම ) සිංහල ( MA 1-1)  -  තනතුරු 03 (කොළඹ  01, කරාපිටිය 01, අනුරාධපුර 01)

 

8.කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන - (සෝදුපත් බැලීම ) දෙමළ (MA 1-1)- තනතුරු 03 (කොළඹ 01, කරාපිටිය 01, අනුරාධපුර 01)

 

 

මේ  පිළිබඳ   2025.08.20 දින දිනමිණ පුවත්පතේ පලකරන ලද දැන්වීම  සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න 

 

පුවත්පත් දැන්වීම 

 

සැලකිය යුතුයි 

අදාළ තනතුරු සඳහා වන ආදර්ශ අයදුම්පත් පෝරම පහත සබැඳිවලින් බාගතකරගතයුතු අතර යථා පරිදි සම්පුර්ණ කරන ලද  ආදර්ශ අයදුම්පත  සහ දැන්වීමේ දක්වා ඇති සහතිකද සමග 2025 සැප්තැම්බර් මස 10 වන දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමු කරන්න.

අයදුම්පත් බහාලන ලියුම් කවරයෙහි වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර සහ පරීක්ෂණය සඳහා ඉදිරිපත්වීමට කැමති මාධ්‍ය (ඉංග්‍රීසි/සිංහල/දෙමළ) සඳහන් කලයුතුය.

එක් තනතුරකට වඩා අයදුම් කරන්නේනම් එක් එක් තනතුර සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත් යොමුකලයුතුය.

ලිපිනය : සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නො: 330, තලවතුගොඩ පාර, මදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර.

දුරකතන අංකය : 0112778911 -14