මාධ්‍ය හා තොරතුරු ඒකකය | National Child Protection Authority
මාධ්‍ය හා තොරතුරු ඒකකය Banner image

මාධ්‍ය හා තොරතුරු ඒකකය

තොරතුරු හා මාධ්‍ය ඒකකය මඟින් 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14 වගන්ති (ඈ) වගන්තිය ප්‍රකාරව අපචාර වලින් ආරක්ෂා කරනු ලැබීමට ළමුන් සතු අයිතිවාසිකම් පිළිබඳව සහ ළමා අපචාර වැලැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම, 14 (ජ) වගන්ති ප්‍රකාරව ළමයින්ගේ සුරක්ෂිතභාවය සහ ළමුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු සැපයීම සහ අධ්‍යාපනය ලබාදීම,14 (ඩ) වගන්ති ප්‍රකාරව ළමා අපචාර පිළිබඳව වැඩමුළු, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා සංවිධානය කිරීම හා ඒ සඳහා පහසුකම් සැපයීම යන වගන්තින් බලාත්මක කිරීම සඳහා කටයුතු සිදු කරයි.

ඒ අනුව මාධ්‍ය සහ තොරතුරු ඒකකය පහත සඳහන් කාර්යයන් සහ වැඩසටහන් පාසල් ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි. එහිදී මෙම කාර්යයන් සඳහා වැඩසටහන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ළමා ආරක්ෂක නිලධාරී (District Child Protection officer - DCPO) දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී (District Psychosocial Officer - DSPO) හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී (Divisional Child Protection officer - DCPO) විසින් සිදුකෙරේ.

සේවාවන්

 

  1. ළමා ආරක්ෂාව පිලිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    • ජේෂ්ඨ ශිෂ්‍ය නායකයන් සඳහා වන ළමා ආරක්ෂාව පිලිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන (Student Ambassador National Programme on Child Protection) පාසල් ශිෂ්‍ය නායකයින් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පාසල් ශිෂ්‍ය නායකයින් තුළ ළමා ආරක්ෂාව සමාජ ගත කිරීම සඳහා නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම.
    • විශ්වවිද්‍යාල ශිෂ්‍යන් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන (University Ambassador National Programmer on child protection)
  2. ජාතික හා අන්තර්ත ජාතික දින සැමරුම් සඳහා වැඩසටහන් සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම.
    • ළමා හිංසනයට එරෙහි ජාතික දිනය - ජනවාරි 04
    • ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය - ජුනි 12
    • ලෝක ළමා දිනය - ඔක්තෝම්බර් 01

      සිතුවිලි සිත්තම් “ සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටුන් තරගාවලිය ( වාර්ෂිකව ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහකයින් තෝරානු ලැබේ).

    • ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනය - ඔක්තෝම්බර් 11
  3. ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික  වැඩසටහන  -  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 සමග එක්ව ක්‍රියාත්මක කෙරේ  මුද්‍රණය කිරීම
    • ළමා ආරක්ෂණය පිලිබඳ විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන විශේෂ ස්වේච්ඡා වැඩසටහන සම්බන්ධීකරණය
  4. ළමුන්, තරුණයින්, දෙමව්පියන්, වැඩිහියන්, මහජනතාව, නිලධාරීන්, වෘත්තිකයන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්, රාජ්‍ය සහ පෞද්ගලික හා රාජ්‍ය නොවන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, පුහුණු වැඩසටහන් සහ සමුළු පැවැත්විම.
  5. ජාතික, දිස්ත්‍රික් හා ග්‍රාමීය ප්‍රදර්ශන සහ ජංගම සේවා පැවැත්වීම.
  6. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවිය (official Web Site) නිල ෆේස්බුක් ගිණුම හා පිටුව (official Face Book Account And Page) නිල ටිවිටර් ගිණුම (Official Twitter Account ) නඩත්තු කිරීම සහ හැසිරවීම.
  7. පුවත්පත් හා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, ප්‍රවෘත්ති /මාධ්‍ය නිවේදන පුවත්පත් නිවේදන නිකුත් කිරීම.
  8. මාධ්‍ය ප්‍රචාරණ සහ මාධ්‍ය ව්‍යපෘති සංවිධානය හා පැවැත්වීම, මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන් පැවැත්වීම.
  9. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වැඩසටහන් සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම.
  10. දෛනික පුවත්පත් නියාමනය.
  11. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පුස්තකාලය නඩත්තු කිරීම සහ පවත්වා ගෙනයාම.
  12. විද්‍යුත් හා මුද්‍රිත වැඩසටහන - තොරතුරු අධ්‍යාපනික සහ සන්නිවේදන මෙවලම් (IEC Materials /Tools) සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම.

Our Team

නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මිය

අධ්‍යක්ෂ (සැලසුම් සහ තොරතුරු)
Read more

ලක්ෂිකා මැණික්බෝව මෙනවිය

සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය හා තොරතුරු )
Read more

ධනුෂ්ක සේනාරත්න මහතා

මාධ්‍ය හා තොරතුරු නිලධාරී
Read more

අපව අමතන්න

ශානිකා මලල්ගොඩ මහත්මිය

Head of Planning & Information Division

අධ්‍යක්ෂ (සැලසුම් සහ තොරතුරු)

සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධි (පේ.වි.වි), නීතිවේදී උපාධිය (ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය) සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (පේ.වි.වි), ආයතනික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය (පේ.වි.වි), භාෂා පරිවර්තනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (පේ.වි.වි), ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජික

විද්‍යුත් තැපෑල:  info.media@childprotection.gov.lk

            planning@childprotection.gov.lk

          shanika.ncpa@gmail.com

දුරකථන අංකය: 011-2778911-12-14 (දිගු අංකය - 142)

ජංගම දුරකථන අංකය: 077-9501506