මූල්‍ය අංශය | National Child Protection Authority
මූල්‍ය අංශය Banner image

මූල්‍ය අංශය

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතට අදාලව සකස් කරන ලද අරමුණු සපුරාලීමට 1971 අංක 38 දරන මුල්‍ය පනත ප්‍රකාරව කටයුතු කිරීමට මුල්‍ය අංශය බැඳී සිටී.

මුල්‍ය අංශයේ ප්‍රධාන කාර්යය වන්නේ මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ අනුගමනය කරමින් මුල්‍ය රෙගුලාසි, ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති සහ ආයතන සංග්‍රහයට අනුකූලව රාජ්‍ය අරමුදල්, විදේශ ප්‍රධාන ආදියෙහි ගිනුම්කරණ කටයුතු සිදු කිරීමයි.

වාර්ෂික පුනරාවර්තන අයවැය ඇස්තමේන්තු සකස් කිරීම, වසර අවසාන ගිණුම් වාර්තා සකස් කිරීම හා නොයෙකුත් කාර්යය සාධන වාර්තා අදාල බලය ලත් ආයතන වෙත ඉදිරිපත්කිරීම මුල්‍ය අංශයේ ප්‍රධාන රාජකාරි අතර වේ.

අධිකාරිය සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලැබීමේ ප්‍රධාන ප්‍රභවය වන්නේ රජයේ භාණ්ඩාගාරයි.එබැවින් ලැබෙන අරමුදල් නිසි ලෙස භාවිත කිරීම මුල්‍ය අංශය විසින් සිදු කල යුතුය.

 

මුල්‍ය අංශයේ කාර්යභාරය

  1. සියලුම ලැබීම් හා ගෙවීම් සඳහා නිවැරදි ආකාරයෙන් ගිණුම් තැබීම.
  1. රජයේ භාණ්ඩාගාරයෙන් පුනරාවර්තන හා ප්‍රාග්ධන ලැබීම් පහත පරිදි බෙදාහැරීම.
  • වැටුප් සහ වෙනත් පුනරාවර්තන වියදම්
  • සංවර්ධන කටයුතු
  • අධිකාරියේ වත්කම් අත්පත් කර ගැනීම,නඩත්තු කිරීම සහ සංවර්ධනය කිරීම.
  • අධිකාරියේ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නිලධාරීන් වෙත මුදල් ලබා දීම.
  1. සියලුම ලැබීම් හා ගෙවීම්, මුදල් පොත්වල සහ අදාල ලෙජරවල සටහන් කිරීම.
  1. රේඛිය අමාත්‍යංශය වන අධ්‍යාපන අමාත්‍යංශයට සහ රාජ්‍ය අමාත්‍යංශය වන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය භාණ්ඩාගාරය වෙත මාසික ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම.
  1. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදු කිරීම.
  1. තොග කළමනාකරණය
  1. ස්ථාවර වත්කම් ලේඛන, අත්තිකාරම් ලේඛන පවත්වාගෙන යාම.
  1. වසර අවසාන ගිණුම් සකස් කිරීම හා ඒවා අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම.

Our Team

ප්‍රීතිකා ජයරත්න මහත්මිය

අධ්‍යක්ෂ (මුල්‍ය)
Read more

එම්.යූ.ආර් විජේරත්න මහතා

ගිණුම් නිලධාරී
Read more

අපව අමතන්න

ප්‍රීතිකා ජයරත්න මහත්මිය

අධ්‍යක්ෂ (මුල්‍ය)

විද්‍යුත් තැපෑල: finance@childprotection.gov.lk

දුරකථන අංකය: 011-2778911-12-14 (දිගු අංකය - 263)

ජංගම දුරකථන අංකය: 0777 35 84 40