වැඩසටහන් අංශය | National Child Protection Authority
වැඩසටහන් අංශය  Banner image

වැඩසටහන් අංශය

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ "වැඩසටහන් අංශය" විසින් 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ප්‍රකාරව, දැයේ ළමා ආරක්ෂණ අවශ්‍යතා සපුරාලනු වස් විවිධ වෘත්තිකයන්, ආයතන ද ඇතුළුව මහජනතාවගේ දැනුම, හැකියා හා නිපුණතා සංවර්ධනය කරලීමේ අරමුනින් ළමා ආරක්ෂණ ව්දසටහන් ග්‍රාමීයව, ප්‍රාදේශීයව, දිස්ත්‍රික් ලේඛම් කොට්ඨාශ මට්ටමින් හා ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, මෙම වැඩසටහන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් (District Child Protection Officers - DCPOs) දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරීන් (District Psychosocial Officers - DPSOs) හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු ප්‍රාදේශීය ළමා අරක්ෂක නිලධාරීන් (Divisional Child Protection Officers - DivCPOs) විසින් සිදු කෙරේ.

ළමුන් උදෙසා විකල්ප රැකවරණ සේවා සපයන ආයතන සඳහා ළමා ආරක්ෂණය පිලිබඳව අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන් (1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනතේ (14) "ඉ" හා "ග" වගන්ති ප්‍රකාරව)

සේවාවන්

  • පාසල් ළමා ආරක්ෂක කමිටු සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන.
  • ළමා නේවාසිකාගාර සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන.
  • පාසල් ළමුන් ප්‍රවාහන මාධ්‍ය සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන

  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන.
  • රජයේ භාර ගැනීමේ නිවාස සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන.
  • රජයේ රැදවුම් නිවාස සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන.
  • රජයේ සහතික කල පාසල් සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන.
  • තරුණ වරදකරුවන් පුනුරුත්තාපනය කිරීමේ ආයතන සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන.
  • තාවකාලික භාරකරුවන්ගේ රැකවරණය යටතේ සිටින ළමුන් පිලිබඳව ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය කිරීමේ ජාතික වැඩසටහන

  • ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමන කිරීමේ ජාතික වැඩසටහන.
  • මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සකස් කිරීම හා නියාමන කිරීමේ ජාතික වැඩසටහන.

  • ජාතික විෂය මාලා සංවර්ධනයේදී ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් කරුණු ඇතුලත් කිරීම.
  • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන.
  • ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තිකයින් දැනුවත් කිරීම, පුහුණු හා සම්මන්ත්‍රණ පැවැත්වීම.

  • සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාලවල නිලධාරීන් හා ස්වේච්ඡා සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් (පස් අවුරුදු වැඩසටහනකි)
  • පශ්චාත් උපාධි වෛද්‍යය අපේක්ෂකයින් සඳහා ළමා ආරක්ෂණය පිලිබඳ පුහුණුව (වාර්ෂිකව)
  • පොලිස් අභ්‍යාස විද්‍යාල හා ත්‍රිවිධ හමුදා පුහුණු කඳවුරු වල පුහුණුලභින් දැනුවත් කිරීමේ වැඩසටහන
  • ආරක්ෂක අංශයේ නිලධාරීන් සඳහා පුහුණු හා සම්මන්ත්‍රණ
  • සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා ළමා ආරක්ෂණය පිලිබඳ දැනුවත් කිරීම.
  • මහජන නියෝජිතයන් සඳහා ළමා ආරක්ෂණය පිලිබඳ දැනුවත් කිරීම හා සම්මන්ත්‍රණ පැවැත්වීම.
  • ළමා ආරක්ෂණයට අදාල ප්‍රතිපත්ති හා නව මාර්ගෝපදේශ සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීම.
  • ළමා වෙළදාම හඳුනා ගැනීම, වාර්තා කිරීම හා විමර්ශනය කිරීම සඳහා පුහුණු විෂය මාලාව, ඉගෙනුම් කාර්ය සංග්‍රහය සහ මෙවලම් (2021 වර්ෂයේදී පුහුණුව සිදු කිරීම.
  • එච්.අයි.වී. සහ ලිංග්‍රෂිත රෝග පිලිබඳ නව යොවුන් වියේ දරුවන් දැනුවත් කිරීමේ අත්පොත (2021 වර්ෂයේදී පුහුණුව සිදු කිරීම)
  • ළමා ආරක්ෂණය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය (2021 වර්ෂයේදී පුහුණුව සිදු කිරීම)

  • වතු ආශ්‍රිත ප්‍රජාව උදෙසා ළමා ආරක්ෂණය පිලිබඳ ජාතික වැඩසටහන.
  • ධිවර ගම්මාන උදෙසා ළමා ආරක්ෂණය පිලිබඳ ජාතික වැඩසටහන.
  • අඩු වයස් විවාහ සහ ගැබ් ගැනීම වැළක්වීමේ වැඩසටහන්
  • නාගරික මුඩුක්කු / පැල්පත් ආශ්‍රිත ළමා ආරක්ෂණ වැඩසටහන්.
  • විගමනික ශ්‍රමිකයන්ගේ ළමයින් සහ පවුල් සඳහා ළමා ආරක්ෂණ වැඩසටහන්.
  • ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ මට්ටමින් අවදානම් සාධක හඳුනා ගනිමින් ළමා ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන.

  • සුනාමි කැපකරු මාපිය රැකවරණ වැඩසටහන (2005 අංක 16 දරන සුනාමි විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන අනුව).
  • වින්දිත, අවදානම්, ආන්තික හා ඇස නොගැටෙන ළමුන් හඳුනා ගැනීම හා ඔවුන් සඳහා අධ්‍යාපන ආධාර ලබා දීමේ ජාතික වැඩසටහන .
  • ආපදා තත්වයන් වලදී වින්දිතභාවයට පත් වූ ළමුන් සඳහා ළමා ආරක්ෂණය උදෙසා මැදිහත්වීම් සිදු කිරීමේ ජාතික වැඩසටහන.

Our Team

රෝහණ රණසිංහ මහතා

කළමනාකරු
Read more

කේ. කලා දර්ශනී මහත්මිය

වැඩසටහන් නිලධාරී
Read more

රසික හෑගොඩආරච්චි මහතා

පරේෂණ හා සුබසාධන නිලධාරී
Read more

අපව අමතන්න

රෝහණ රණසිංහ මහතා

Head of Programme Division

කළමනාකරු (වැඩසටහන්)

විද්‍යුත් තැපෑල:  programme@childprotection.gov.lk

            rohanar.ncpa@gmail.com

දුරකථන අංකය: 011-2778911-12-14 (දිගු අංකය - 104)

ජංගම දුරකථන අංකය: 071-0133144