විශේෂ පොලිස් විමර්ශන ඒකකය | National Child Protection Authority
විශේෂ පොලිස් විමර්ශන ඒකකය Banner image

විශේෂ පොලිස් විමර්ශන ඒකකය

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14 වන  වගන්තියේ  දැක්වෙන (උ) සහ (ඔ) යන උප වගන්ති මගින්  ලබාදී  ඇති සියලු ආකාර ළමා අපචාර වලට අදාළ නීති ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම සඳහා මෙන්ම ළමා අපචාර  පිළිබඳ මහජන පැමිණිලි භාර ගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදි ඒ  පැමිණිලි නිසි බලධාරීන් වෙත යොමුකිරිම යන කරුණු සාක්ෂාත් කරගැනීම සඳහා  උචිත පියවරක් වශයෙන්  විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය ස්ථාපනය කරනලදී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ කාර්යභාරය

  • ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ ක්‍රියාත්මක වන 1929 ළමා උපකාරක සේවාව වෙත ලැබෙන ළමා අපයෝජන පැමිණිලි ක්ෂණිකව අදාල ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත බැහැර කිරීම හා පැය 48ක් ඇතුලත අදාල පැමිණිල්ල සම්බන්දයෙන් ගත් ක්‍රියාමාර්ග සම්බන්දයෙන් ප්‍රථම වාර්තාව (First Report) කැදවාගෙන, එම වාර්තා විශ්ලේෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබයි.
  • මේ සදහා අවුරුද්ද පුරාම ද්‍ය්නිකව පය 24 පුරාවට විශේෂ පොලිස් විමර්ශන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම.
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත විද්‍යුත් තැපෑල සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, දුරකථන මාර්ගය ඔස්සේ, ලිපි මගින් මෙම අධිකාරියට පැමිණි සිදු කරන ලද පැමිණිලි (දිවයිනම ආවරණය වන පරිදි) සභාපති තුමාගේ උපදෙස් සහ යොමු කිරීම් අනුව මෙම ඒකකය මගින් විමර්ශනය සිදු කිරීම.
  • වින්දිත දරුවන් අධිකරණ ව්විද්‍යා පරීක්ෂණ සදහා යොමු කිරීම, වින්ඳිත තත්ත්වයට පත් වූ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදාල ක්‍රියාමාර්ග ගැනීම, අනාරක්ෂිත දරුවන් හා වින්දිත දරුවන්ගේ ආරක්ෂාව සහ භාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
  • විමර්ශන ක්‍රියාවලියේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, විමර්ශන ක්‍රියාවලිය දියත් කිරීම, ඒ හා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය සිදුකිරීම හා පවත්වාගෙන යාම.
  • අධිකාරිය වෙත වාර්තා වන අපරාධ සම්බන්දයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සදහා අවශ්‍ය විමර්ශන උදෘත සකස් කර, නීතිපතිවරයා වෙත යොමු කිරීම හා සම්බන්ධීකරණය.
  • ඉහත විමර්ශනවලට අදාල උසාවි ලේඛන, වාර වාර්තා යථාවත් කර පවත්වාගෙන යාම, අදාල දත්ත වාර්තාවන් ලබා දීම.
  • ළමා අපයෝජන විමර්ශනවලදී සෘජුවම සම්බන්ද වන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, අධිකරණ විද්‍යා කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දුරකථන සමාගම් ආදී විවිධ ආයතන සම්බන්ධීකරණය.
  • ළමා අපයෝජන වලක්වා ගැනීම සදහා පාසල් සහ ප්‍රජාව, විවිධ රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන, වෘත්තියවේදීන් දැනුවත් කිරීමේ දේශනා පැවැත්වීම.
  • සේවාදායකයින් සදහා පැමිණිලි පිටපත් නිකුත් කිරීම.
  • වින්දිතයන් සම්බන්දයෙන් පසුවිපරම් සිදු කිරීම.
  • විදිත දරුවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීම සදහා වින්දිතයින් බිහි කිරීම.

අපව අමතන්න

කේ.ආර්.ඉරේෂා ගුණසේකර මහත්මිය

ස්ථානාධිපති (විශේෂ පොලිස් විමර්ශන ඒකකය)

ශ්‍රී ලංකා පොලිසියේ වසර 25 ක පළපුරුද්ද
පොලිස් සහ අපරාධ පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව

විද්‍යුත් තැපෑල: police@childprotection.gov.lk

දුරකථන අංකය: 0112778911-12-14 (දිගු අංකය - 116)

ජංගම දුරකථන අංකය: 0777 135995