2011
2011 අංක 17 දරන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛය වන ළමා කමිටු ප්‍රකාර 2012 වසරේදී ප්‍රථම පාසල් ළමා ආරක්ෂක කමිටුව නිර්මාණය කරන ලද අතර 2019 ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීම.
2008
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ප්‍රථම වරට සමරන ලදී. සුනාමියෙන් අවතැන් වූ වින්දිත දරුවන්ගේ දත්ත ගබඩාවක් ගොඩනැගීම. නීතිය බලාත්මක කිරීමේ අංශය යටතේ මධ්‍යම වාර්තා කාමරයක් ස්ථාපිත කරන ලදී. තවද ප්‍රථම වතාවට ළමා මිතුරු මධ්‍යස්ථානයක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේදී ඉදිකරන ලදී.
2006
ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් විධිමත් ආරක්ෂණ හා සුභසාධන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා 2006 වසරේදී ඒ සඳහා වෙන් වූ අමාත්‍යංශයක් ද ස්ථාපිත කරනු ලැබිය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා හා කාන්තා අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය.
2005
සුනාමි ව්‍යසනයෙන් පසුව 2005 අංක 16 දරන පනත මගින් ළමයින්ගේ යහපැවැත්ම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත නව බලතල ලබා දෙන ලදී. තවද 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන ළමයෙකු සම්බන්ධයෙන් අධිකාරියට වාර්තා වූ විට, ඒ සඳහා තුන්වන පාර්ශවයක් ලෙස මැදිහත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට බලය ලබා දී ඇත.
2002
2002 මාර්තු 27 වන දා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ හා මහ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ලින්ඩා ඩුෆිල්ඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය රජයේ මුල්‍යාධාර මත නව කාර්යාලය දැනට පවතින අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, කෝට්ටේ ස්ථානයේදී විවෘත කරන ලදී. තවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ෂණ කටයුතු පුළුල් කරමින් 2022 වසරේදී ළමා ආරක්ෂක අධිකාරියට විශේෂ පොලිස් විමර්ශන ඒකකය එක් කරන ලදි.
1999
1999 දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පළමු කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලයේ අංශයක් ලෙස ක්‍රියාත්මකවිය . පරිපාලනය ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය සහ පාලනය යටතේ පැවතුනි. මෙම තත්ත්වය තුළ 1999 අංක 32 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතට අනුව ළමා අපයෝජනයට ලක් වූවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීම ආරම්භ කිරීම ද සිදුවිය.
1998
ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් නිර්දේශයක් වන්නේ ජනාධිපති කාර්යාලය යටතේ 1998 අංක 50 දරන පනත ප්‍රකාරව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවීමයි. 1998 අගෝස්තු මස එවකට සිටි අධිකරණ අමාත්‍යාංශය විසින් 1998 අංක 50 දරන "ජාතිකළමා ආරක්ෂක අධිකාරිය පනත" පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 1998නොවැම්බර් මස 12 දා පාර්ලිමේන්තුවේදී ඒකමතිකවසම්මත වන ලදී.
1998 අංක 50 දරන පනත අනුව, 1994 ජුනි මස 04 වන මහාචාර්ය ඩී.ජී හරේන්ද්‍ර ද සිල්වා මහතා සභාපති ලෙස පත් කිරීම හා අධිකාරියේ පාලන අධිකාරියපත් කිරීමෙන් පසු අධිකාරිය ක්‍රියාත්මක විය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රථම කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලයේ අංශයක් ලෙස ආරම්භ වූ අතර, එය ජනාධිපති ලේකම් කාර්යාලයේ පරිපාලනයට හා සුපරික්ෂණයට බඳුන් විය.
1996
1996 දෙසැම්බර් මස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් ළමා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය පත්කරන ලදී. ජනාධිපති කාර්යසාධක බලකා වාර්තාවේ ඇතුලත් වන නීතිමය සංශෝධන සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ ගණනාවක් මෙමබලකාය විසින් නිර්දේශ කරන ලදී.
1989
1989 නොවැම්බර් මස 20 දින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය විශ්වීය ප්‍රකාශයක් ලෙස පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් වශයෙන් 1990 වර්ෂයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (CRC) අත්සන්කරුවෙකු බවට පත්වූ අතර 1991 ජුලි මස 12 දින එය අනුමත කරන ලදී. ඉන් අනතුරුව ආමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද ළමා ප්‍රඥප්තියක් සකස් කරන ලද අතර ළමා අයිතිවාසිකම් සම්මුතිය නියාමනය කිරීමේ හා අවශ්‍ය විටෙක අන්තර්ජාතික ළමා අයිතිවාසිකම් සම්මුති කමිටුවට වාර්තා කිරීමේ වගකීම සහිත ජාතික අධීක්ෂණ කමිටුවක් පිහිටුවන ලදී.
2010
1929 ළමා උපකාරක සේවය 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ලෙස ස්ථාපිත කරනලදී. නිලධරීන් 4 දෙනෙකුගේ සහය ඇතිව දුරකතන සම්බන්ධතා 2කින් මෙහි ආරම්භය සිදුවිය. පැය 24 පුරා ළමා අපයෝජන සම්බන්ධ වාර්තාවන සිද්ධීන් කාර්යක්‍ෂමව හා යුහුසුලුව භාරගනිමින් ළමුන්ගේ උපරිම යහපත තහවුරු කිරීම සඳහා සියලු පියවර ගන්නා ලදි. 2014 වර්ෂයේ එනම් වසර 4ට පසු නවීනතම තාක්ෂණය ඒකාබද්ධ කරමින් දුරකතන සබන්ධතා 10ක් සහ නිලධාරීන් 15 දෙනෙකු සේවය සඳහා යොදවමින් ක්‍රියාත්මක කරනු ලැබේ.