ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගැන | National Child Protection Authority
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගැන Banner image

NCPA ගැන

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් "1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත" ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්ථාපිත කර තිබේ.

අරමුණ

ළමා අපයෝජන වැලැක්වීම සඳහා වන නීති හා ප්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුවට උපදෙස් සැපයීම හා අපයෝජනයන්ට ලක්වූ වින්දිත ළමුන් ආරක්ෂා කිරීම හා ප්‍රතිකාර කිරීම සහ සියලු ආකාරයේ ළමා අපයෝජනයන්ට එරෙහිව සිදුකරනු ලබන කටයුතු සම්බන්ධීකරණය හා නියාමනය කිරීම.

දැක්ම

ළමුන් සඳහා ළමා හිතකාමී හා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම.

මෙහෙවර

ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් සුරක්ෂිත කිරීම.

NCPA හි ඉතිහාසය

2011

2011 අංක 17 දරන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛය වන ළමා කමිටු ප්‍රකාර 2012 වසරේදී ප්‍රථම පාසල් ළමා ආරක්ෂක කමිටුව නිර්මාණය කරන ලද අතර 2019 ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීම.

2008

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ප්‍රථම වරට සමරන ලදී. සුනාමියෙන් අවතැන් වූ වින්දිත දරුවන්ගේ දත්ත ගබඩාවක් ගොඩනැගීම. නීතිය බලාත්මක කිරීමේ අංශය යටතේ මධ්‍යම වාර්තා කාමරයක් ස්ථාපිත කරන ලදී. තවද ප්‍රථම වතාවට ළමා මිතුරු මධ්‍යස්ථානයක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේදී ඉදිකරන ලදී.

2006

ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් විධිමත් ආරක්ෂණ හා සුභසාධන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා 2006 වසරේදී ඒ සඳහා වෙන් වූ අමාත්‍යංශයක් ද ස්ථාපිත කරනු ලැබිය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා හා කාන්තා අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය.

2005

සුනාමි ව්‍යසනයෙන් පසුව 2005 අංක 16 දරන පනත මගින් ළමයින්ගේ යහපැවැත්ම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත නව බලතල ලබා දෙන ලදී. තවද 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන ළමයෙකු සම්බන්ධයෙන් අධිකාරියට වාර්තා වූ විට, ඒ සඳහා තුන්වන පාර්ශවයක් ලෙස මැදිහත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට බලය ලබා දී ඇත.

2002

2002 මාර්තු 27 වන දා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ හා මහ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ලින්ඩා ඩුෆිල්ඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය රජයේ මුල්‍යාධාර මත නව කාර්යාලය දැනට පවතින අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, කෝට්ටේ ස්ථානයේදී විවෘත කරන ලදී. තවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ෂණ කටයුතු පුළුල් කරමින් 2022 වසරේදී ළමා ආරක්ෂක අධිකාරියට විශේෂ පොලිස් විමර්ශන ඒකකය එක් කරන ලදි.

 

2000

When comprehending Social statuses of child rights there is a growing concern over the rise of international child trafficking, which aims to exploit child trafficking, child prostitution, and child pornography, Be it the forcible recruitment or recruitment of children into the armed struggle is an international crime In 2000, the Convention on the Rights of the Child enacted by-laws to prevent the recruitment of children into armed struggle and to prevent child trafficking, prostitution and the use of child pornography.

1999

In 1999 the first office of the National Child Protection Authority was a division of the Presidential Secretariat. And Administration under the supervision and control of the Presidential Secretariat of Sri Lanka. Commencement of recording of video evidence of child abuse victims as per Evidence (Special Provisions) Act No. 32 of 1999 in this situation.

1998

ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් නිර්දේශයක් වන්නේ ජනාධිපති කාර්යාලය යටතේ 1998 අංක 50 දරන පනත ප්‍රකාරව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවීමයි. 1998 අගෝස්තු මස එවකට සිටි අධිකරණ අමාත්‍යාංශය විසින් 1998 අංක 50 දරන "ජාතිකළමා ආරක්ෂක අධිකාරිය පනත" පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 1998නොවැම්බර් මස 12 දා පාර්ලිමේන්තුවේදී ඒකමතිකවසම්මත වන ලදී.

1998 අංක 50 දරන පනත අනුව, 1994 ජුනි මස 04 වන මහාචාර්ය ඩී.ජී හරේන්ද්‍ර ද සිල්වා මහතා සභාපති ලෙස පත් කිරීම හා අධිකාරියේ පාලන අධිකාරියපත් කිරීමෙන් පසු අධිකාරිය ක්‍රියාත්මක විය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රථම කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලයේ අංශයක් ලෙස ආරම්භ වූ අතර, එය ජනාධිපති ලේකම් කාර්යාලයේ පරිපාලනයට හා සුපරික්ෂණයට බඳුන් විය.

1996

1996 දෙසැම්බර් මස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් ළමා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය පත්කරන ලදී. ජනාධිපති කාර්යසාධක බලකා වාර්තාවේ ඇතුලත් වන නීතිමය සංශෝධන සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ ගණනාවක් මෙමබලකාය විසින් නිර්දේශ කරන ලදී.

1989

1989 නොවැම්බර් මස 20 දින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය විශ්වීය ප්‍රකාශයක් ලෙස පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් වශයෙන් 1990 වර්ෂයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (CRC) අත්සන්කරුවෙකු බවට පත්වූ අතර 1991 ජුලි මස 12 දින එය අනුමත කරන ලදී. ඉන් අනතුරුව ආමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද ළමා ප්‍රඥප්තියක් සකස් කරන ලද අතර ළමා අයිතිවාසිකම් සම්මුතිය නියාමනය කිරීමේ හා අවශ්‍ය විටෙක අන්තර්ජාතික ළමා අයිතිවාසිකම් සම්මුති කමිටුවට වාර්තා කිරීමේ වගකීම සහිත ජාතික අධීක්ෂණ කමිටුවක් පිහිටුවන ලදී.

1929

1929 ළමා උපකාරක දුරකථන සේවාව අධිකාරියේදී හඳුන්වා දුන් අතර, එය පැය 24 පුරාම විධිමත්, වේගවත් හා ක්‍රමනුකුල ලෙස ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීම මඟන් දරුවන්ට උපරිම යහපත සැලසීමට අවශ්‍ය පියවර ගනී.

NCPA හි කාර්යයන්

  • ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමෙහිලා ආණ්ඩුවට උපදෙස් දීම.
  • ළමා අපචාර වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවට උපදෙස් දීම.
  • එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවට උපදෙස් දීම.
  • අපචාරවලින් ආරක්ෂා කරනු ලැබීමට ළමුන් සතු අයිතිවාසිකම් පිළිබඳව සහ ළමා අපචාර වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම.
  • ළමා අපචාර වැළැක්වීමේ කාර්යය සඳහා සහ එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් රැකගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම සහ උචිත අවස්ථාවල දී එම කාර්යය සඳහා අදාළ අමාත්‍යාංශවල, පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල, දිසා හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ හා පෞද්ගලික අංශයේ සංවිධානවල උපදෙස් විමසීම.
  • ළමා අපචාර වැළැක්වීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය, පරිපාලනමය හෝ වෙනත් සංශෝධන නිර්දේශ කිරීම.
  • සියලු ආකාර ළමා අපචාරවලට අදාළ නීති ක්‍රියාත්මක කිරීම නියාමනය කිරිම.
  • ළමා අපචාර හා සම්බන්ධ සියලු විමර්ශන හා අපරාධ නඩු කටයුතුවල ප්‍රගතිය නියාමනය කිරිම.
  • සන්නද්ධ ගැටුම්වල බලපෑම්වලට පාත්‍ර වූ ළමයින් සම්බන්ධව මානුෂිකව සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳව යොමුවීම සඳහා ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම හා ඔවුන්ගේ මානසික හා ශාරීරික සුභසිද්ධිය සඳහා පියවර ඇතුළුව එවැනි ළමුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් සමාජයට නැවත ඇතුළු කර ගැනීම.
  • අපරාධ පිළිබඳ විමර්ශනවලට සහ අපරාධ නඩු කටයුතුවලට සම්බන්ධ ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා, අවශ්‍ය අවස්ථාවලදී උචිත පියවර ගැනීම.
  • ළමා අපචාර පිළිබඳව මහජන පැමිණිලි භාර ගැනීම සහ අවශ්‍ය අවස්ථාවල දී ඒ පැමිණිලි නිසි බලධාරීන් වෙත යොමු කිරීම.
  • ළමා අපචාරවලට එරෙහිව කරනු ලබන දැඩි ව්‍යාපාර සම්බන්ධීකරණය සම්බන්ධයෙන් පළාත් සභාවලට, පළාත් පාලන ආයතනවලට හා රාජ්‍ය නොවන සංවිධානවලට උපදෙස් දීම හා සහාය වීම.
  • ළමා අපචාර සම්බන්ධව ජාතික දත්ත පදනමක් සකස් කිරීම සහ එය පවත්වාගෙන යාම.
  • අදාළ අමාත්‍යංශ හා වෙනත් ආයතනයන්ගේ උපදෙස් විමසා ළමුන් සඳහා ළමා රැකවරණ සේවා සපයන සියලු ආගමික හා පුණ්‍ය ආයතන අධීක්ෂණය කිරීම හා ඒ පිළිබඳව නියාමනය කිරීම.
  • ළමා අපචාර සහ ළමයින් ආරක්ෂා කිරීම හා සම්බන්ධ පර්යේෂණ පැවැත්වීම, ප්‍රවර්ධනය කිරීම හා සම්බන්ධීකරණ කිරීම.
  • ළමයින්ගේ සුරක්ෂිතතාවය සහ ළමුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු සැපයීම සහ අධ්‍යාපනය ලබාදීම.
  • ළමා අපචාරවලට ඇති ඉඩ ප්‍රස්ථා අවම කිරීම පිණිස, සංචාරක කටයුතු හා සම්බන්ධ සියලු අංශ සමග සංවාදයෙහි යෙදීම.
  • ළමා අපචාර පිළිබඳව වැඩමුළු, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා සංවිධානය කිරීම සහ ඒ සඳහා පහසුකම් සැපයීම.
  • සියලු ආකාර ළමා අපචාර අනාවරණය කර ගැනීම හා වැළැක්වීම සම්බන්ධයෙන් විදේශ ආණ්ඩු සහ අන්තර්ජාතික සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සහ තොරතුරු හුවමාරු කර ගැනීම.