නිවස | National Child Protection Authority

ළමා ආරක්ෂාව සඳහා උදව් හෝ උපදෙස් අවශ්‍යද?

සම්බන්ධ වන්න

අපි ඔබට උදව් කිරීමට සූදානම් 1929

වෙනසක් කිරීම සඳහා ඔබත් දායක වන්න

පරිත්‍යාග කරන්න

අපි ඔවුන්ව ඔසවා තැබීමේ මෙහෙයුමක යෙදී සිටිමු

ආරක්ෂණය

ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපරාධ වලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජතික ප්‍රතිපත්තියක් සකස් කිරීමෙහිලා ආණ්ඩුවට උපදෙස් දීම.

වැළැක්වීම

ළමා අපයෝජනයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ළමුන්ට ඇති අයිතිය සහ ළමා අපයෝජන වැළැක්වීමේ විධික්‍රම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම. එවැනි අපචාර වලට ගොදුරුවුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සහ උචිත අවස්ථා වලදී එම කාර්යය සඳහා අදාල අමාත්‍යංශ වල, පළාත් සභාවල, පළාත් පාලන ආයතන වල, දිසා හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ හා පෞද්ගලික අංශයේ සංවිධාන වල උපදෙස් විමසීම.

පුනරුත්ථාපනය

ළමා අපචාර වැළැක්වීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය, පරිපාලනමය හෝ වෙනත් සංශෝධන නිර්දේශ කිරීම.
ළමා අපචාර හා සම්බන්ධ සියලු විමර්ශන හා අපරාධ නඩු කටයුතුවල ප්‍රගතිය නියාමනය කිරීම.
සන්නද්ධ ගැටුම් වල බලපෑම් වලට පාත්‍ර වූ ළමයින් සම්බන්ධව මානුෂිකව සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.
ඔවුන්ගේ මානසික හා ශාරීරික සුභසිද්ධිය සඳහා පියවර ගැනීම ඇතුළුව එවැනි ළමුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් සමාජයට නැවත ඇතුළු කර ගැනීම පිළිබඳව කටයුතු කිරීම.

ළමා ආරක්ෂාව පිලිබඳ බ්ලොග් පිටුව

ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉගෙනීමට යමක්..

ළමා ආරක්ෂාව පිලිබඳ දැනුවත් වන්න ඔබ කැමතිනම් , පිවිසෙන්න, දැනගන්න , ක්‍රියාත්මකවන්න

පිවිසෙන්න

නවතම පුවත්