ලැප්ටොප් පරිගණක 120ක් සැපයීම, ගෙනවිත් භාරදීම සහ ස්ථාපනය කිරීම සඳහා ලංසු කැඳවීම
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලැප්ටොප් පරිගණක 120ක් සැපයීම, ගෙනවිත් භාරදීම සහ ස්ථාපනය කිරීම සඳහා යෝග්‍යතාපුර්ණ හා සුදුසුකම්ලත් ලංසු කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබේ.
උනන්දුවක් දක්වන සහ සුදුසුකම්ලත් ලංසුකරුවන්ට වැඩිදුර තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පරිපාලන ශාඛාවේ,අධ්‍යක්ෂ (පරිපාලන) වෙතින් (දුරකථන: 0112778914) වැඩකරන දිනවල පෙව 9.00 සිට පව 3.00 දක්වා ලබා ගත හැක. ලංසු ලේඛන 2026.09.30 සිට 2026.10.20 දක්වා නොමිලේ පරික්ෂා කල හෙකි අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවියෙන්ද (www.childprotection.gov.lk) පරීක්ෂාකල හැක
ප්‍රසම්පාදනය පිළිබඳ තොරතුරු:
- ප්‍රසම්පාදනය: ලැප්ටොප් පරිගණක 120ක් මිලදී ගැනීම
- IFB අංකය: NCPA/AU/402/PROC/2026/66
- ලංසු ලේඛනය ලබාගත හැකි කාලය : 30/09/2026 සිට 20/10/2026
- ලංසු භාරගැනීමේ අවසන් දිනය හා වෙලාව : 2026.10.21 ප.ව. 2.00 අවසන්වේ
- පුර්ව ලංසු රැස්වීම : 08/10/2026 at 10.00 a.m
- Bid Document : Can be downloaded from below link
නැවත නොගෙවන රුපියල් පන්දහසක (5000.00) මුදලක් ගෙවීමෙන් අනතුරුව පහත සඳහන් ලිපිනයට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් 2026.09.30 සිට 2026.10.20 දක්වා වැඩකරන දිනවල පෙ.ව. 9.00ත් ප.ව. 3.00ත් අතර කාලය තුළ අභිලාශි ලංසුකරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පිළියෙල කරන ලද ලංසු ලේඛන සම්පුර්ණ කට්ටලයක් මිලදී ගත හැක. ගෙවීම මුදලින් සිදුකල යුතුය.
ලංසු ගෙනවිත් භාරදෙන ලන්සුකරුවන් විසින් මුල් පිටපත සහ අනු පිටපත ලෙස පැහැදිලිව සටහන් කර වෙන වෙනම මුද්‍රා තැබූ කවර දෙකක බහාලිය යුතුය. නැවත මෙම කවර දෙකම (මුල් පිටපත සහ අනු පිටපත) තනි කවරයක බහා 2026.10.21 දින 14.00 පැයට හෝ ඊට පෙර පහත සඳහන් ලිපිනයට ඉදිරිපත් කළ යුතුය. කොන්ත්‍රාත්තුවේ නම සහ IFB අංකය ලංසු කවරයේ ඉහළ වම්පස කෙළවරේ සඳහන් කළ යුතුය. ලංසුව, ලංසුව, ලංසු භාරගන්නා අවසන් දිනයේ සිට හෝ මිලදී ගන්නා පාර්ශවය විසින් නියම කරනු ලබන දීර්ඝ කරන ලද දින සිට 91ක් දක්වා වලංගු විය යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. ලංසු භාරගැනීම අවසන්වූ වහාම, සහභාගී වීමට කැමැත්ත දක්වන ලංසුකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ඉදිරියේ ලංසු විවුර්ත කරනු ලැබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පරිපාලන අංශය අමතන්න 0112-778911-14
ලිපිනය: සභාපති,ජාතික ළමා ආරක්ෂක අධිකාරිය,නො.330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර.
