ආරක්ෂණය
ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපරාධ වලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජතික ප්‍රතිපත්තියක් සකස් කිරීමෙහිලා ආණ්ඩුවට උපදෙස් දීම.
වැළැක්වීම
ළමා අපයෝජනයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ළමුන්ට ඇති අයිතිය සහ ළමා අපයෝජන වැළැක්වීමේ විධික්රම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම. එවැනි අපචාර වලට ගොදුරුවුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සහ උචිත අවස්ථා වලදී එම කාර්යය සඳහා අදාල අමාත්‍යංශ වල, පළාත් සභාවල, පළාත් පාලන ආයතන වල, දිසා හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ හා පෞද්ගලික අංශයේ සංවිධාන වල උපදෙස් විමසීම.
පුනරුත්ථාපනය
ළමා අපචාර වැළැක්වීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය, පරිපාලනමය හෝ වෙනත් සංශෝධන නිර්දේශ කිරීම.
ළමා අපචාර හා සම්බන්ධ සියලු විමර්ශන හා අපරාධ නඩු කටයුතුවල ප්‍රගතිය නියාමනය කිරීම.
සන්නද්ධ ගැටුම් වල බලපෑම් වලට පාත්‍ර වූ ළමයින් සම්බන්ධව මානුෂිකව සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.
ඔවුන්ගේ මානසික හා ශාරීරික සුභසිද්ධිය සඳහා පියවර ගැනීම ඇතුළුව එවැනි ළමුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් සමාජයට නැවත ඇතුළු කර ගැනීම පිළිබඳව කටයුතු කිරීම.