2026 වර්ෂය සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටන සඳහා අයදුම්පත් භාරගැනේ | National Child Protection Authority
2026 වර්ෂය සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටන සඳහා  අයදුම්පත් භාරගැනේ  Banner image
2026 වර්ෂය සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටන සඳහා අයදුම්පත් භාරගැනේ

 

  ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයන් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන -2026

 

ළමා ආරක්ෂාව සඳහා  හෙට දවසේ නායකයන්  සුදානම් කිරීම

 " පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන"යනු ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයින්ගේ ළමා ආරක්ෂාව පිළිබද දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂයෙන් නිර්මාණය කරන ලද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන පුරෝගාමී ප්‍රවේශයකි.

මෙම  වැඩසටහන  මගින්  පාසල් තුළ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකාරී කාර්යය භාරයක් ඉටුකිරීම වෙනුවෙන් යොවුන් නායකයන් සංවර්ධනය කිරීම,  පාසල ළමා හිතකාමී සහ ආරක්ෂිත පරිසරයක්  ඇතිකිරීමට  ශිෂ්‍ය නායක කණ්ඩායම් සමග ඍජුව සම්බදව වැඩකිරීම. මේ තුළින් ශ්‍රී ලාංකීය ළමුන් සියළු ළමුන්ගේ  අයිතිවාසිකම් හා ආරක්ෂාව වෙනුවෙන් නැගීසිටීම සඳහා සංවේදී, වගකීම් සහගත සහ ආත්ම විශ්වාසයෙන් යුතු පිරිසක් බවට පත්වීමට මගපෙන්වීම.

🚀 මෙම වැඩසටහනෙන්  ඔබට ලැබෙන්නේ මොනවද ?

  • ළමා ආරක්ෂාව පිලිබඳ පුළුල් ප්‍රයෝගික පුහුණු 
  • නායකත්ව සංවර්ධනයට  අදාල වැඩසටහන් 
  • ළමා ආරක්ෂාව සහ ආචාර ධර්මීය ලෙස  තීරණ ගැනීමට අදාල ජිවන නිපුනතා  පුහුණු 

මෙම ප්‍රවේශය මගින්  පාසල් ශිෂ්‍ය නායකයන්  අනාගතයේදී  නායකන් ලෙස  තීන්දු තීරණ ගැනීමේදී  ළමුන් ප්‍රමුකත්වයේ තබාගැනීම,  පාසල් පරිසරය තුළ ආරක්ෂාව,ගරුත්වය  සහ රැකවරණය  තහවුරුකිරීම වෙනුවෙන් සුදානම් කෙරේ 

🏫 මේ සඳහා සම්බන්ධ විය හැක්කේ කාහටද ?

        1. රජයේ පාසල්

        2. අර්ධ රාජ්‍ය පාසල්

        3. ජාත්‍යන්තර පාසල්

        4. පුද්ගලික පාසල්

        5.පිරිවෙන්

ප්‍රධාන අරමුණු :

  1. ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම.
  2. පාසල තුළ ළමා අපයෝජන සිදුවීම් අවම කරගැනීම සහ වලක්වා ගැනීමට ශිෂ්‍ය නායකයින්ගේ දායකත්වය ලබා ගැනීම.
  3. ශිෂ්‍ය නායකයින් ළමා ආරක්ෂාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගිකරවා ගැනීම.
  4. පාසල තුළ ළමා හිතකාමී සහ ආරක්ෂාකාරී පරිසරයක් ඇතිකිරීමට ශිෂ්‍ය නායකයන්ගේ නායකත්වය ඇතුළු දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා මැදිහත්කරණය.
  5. ළමා ආරක්ෂාවේ වගකීම සහ වගවීම දරන ශිෂ්‍ය නායක ප්‍රජාවක් බිහිකිරීම සඳහා දායකත්වය ලබාදීම.

📣 ඔබේ පාසල තුළ ළමා ආරක්ෂාව ප්‍රමුකවූ සංස්කෘතියක් නිර්මාණය කිරිම සඳහා නායකයන් බිහිකිරීම වෙනුවෙන් කැපවීමට කැමතිනම්


👉 ඔබේ පාසලත් අදම ශිෂ්‍ය තානාපති පාසලක් ලෙස ලියාපදිංචි කරන්න , ළමුන් ආරක්ෂාකිරීම යොවුන් නායකයන් බලගැන්වීමෙන් ආරම්භවේ 

 

වැඩිදුර තොරතුරු සඳහා : 

ශානිකා මලල්ගොඩ
අධ්‍යක්ෂක - සැලසුම් සහ තොරතුරු

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දුරකථන: 071 - 715 15 06

011- 2778911 දිගුව (142)

 

ලක්ෂිකා මැණික්බෝව
සහකාර අධ්‍යක්ෂක - සැලසුම් සහ තොරතුරු

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

 දුරකථන: 074 - 2 56 43 59

 011- 2 77 89 11 දිගුව (144)

පහත සඳහන් ලියාපදිංචි පෝරමය නිවැරදිව සම්පුර්ණකර  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට යොමුකරන්න.

වම් පස ඉහල කෙලවරේ " ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන - 2026 " ලෙස සඳහන් කරන්න 2022, 2023,2024 සහ 2025 වර්ෂවලදී ශිෂ්‍ය තානාපති පාසල් ලෙස ලියාපදිංචිවූ පාසල් නැවත  ලියාපදිංචිවීම අවශ්‍ය නොවේ.