මනෝ සමාජීය අංශය | National Child Protection Authority
මනෝ සමාජීය අංශය Banner image

මනෝ සමාජ සේවා

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව මනෝ සමාජයීය ඒකකයේ කාර්යය වන්නේ, වයස අවුරුදු 18 ට අඩු ළමයින්ට, දෙමාපියන්ට, භාරකරුවන්ට, වෘත්තියවේදීන්ට අවශ්‍ය මනෝ සමාජයීය සහය ලබාදීම, 1929 ළමා උපකාරක දුරකථන සේවයට සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින් වෙත ලැබෙන සේවා උපකාරක ඉල්ලීම් සදහා මනෝ සමාජයීය සහය ලබාදීම, මනෝ සමාජයීය විෂයට අදාළව දැනුවත් කිරීම, පුහුණු ලබා දීම හා වෙනත් සහයන් සැපයීමයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර ඇති මනෝ සමාජයීය අංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරි (DPSO), දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී (DCPO) සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී (DivCPO) මගින් මෙම සහයෝගයෙන් ලබා දේ.

සේවාවන්

  • ළමුන් සඳහා අවශ්‍ය මනෝ සමාජියීය මඟපෙන්වීම්, අධීක්ෂණය, අවශ්‍ය මැදිහත්කරණ කටයුතු සම්බන්තධීකරණය හා පසුවිපරම් සිදු කරයි. එහිදී 1929 ළමා උපකාරක දුරකථන සේවයට සහ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී (DCPO), දිස්ත්‍රික් මනෝ සමාජියීය නිලධාරී (DPSO) සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන්ට (DivCPO) ලැබෙන ඉල්ලීම් සඳහා මනෝ සමාජයීය සහය (උපදේශනය, මනෝ සමාජයීය ප්‍රථමාධාර, මනෝ සමාජයීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම් සහ වෙනත්) ලබාදීම සිදු කරයි.

    මේ සඳහා සායනික මනෝ විද්‍යාඥ, සහකාර අධ්‍යක්ෂ (මනෝවිදයා), උපදේශන නිලධාරීන්, සහකාර උපදේශන නිලධාරීන් හා චිකිත්සකවරුන් මගින් මෙන්ම, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිළධාරීන්, දිස්ත්‍රික් මනෝ සමාජයීය නිළධාරීන් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිළධාරීන් මගින් හෞතිකව හා මාර්ගගත ක්‍රමවලින් මෙම සේවාව දීප ව්‍යාප්තව ලබා දෙයි.

  • පාසල් මට්ටමින් සිසු සිසුවියන් හට මනෝ සමාජයීය දැනුවත් කිරීමේ / පුහුණුජාතික වැඩසටහන් පැවැත්වීම.
  • ප්‍රාථමික පාසල් ගුරුවරුන් හට ධනාත්මක ශික්ෂණය සහ මනෝ සමාජයීය මැදිහත්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ / පුහුණු ජාතික වැඩසටහන් පැවත්විම.
  • පාසල් උපදේශන ගුරුවරුන් සදහා මනෝ සමාජිය දැනුවත් කිරීමේ / පුහුණු ජාතික වැඩසටහන් පැවැත්වීම.
  • ළමුන් සමග විවිධ ආකාරයෙන් මැදිහත් වීම් සිදුකරන හා සේවය ලබාදෙන සේවා නියුක්තියන් සඳහා මනෝ සමාජියීය කළමනාකරණය පිළිබද විශේෂ දැනුවත් කිරීමේ /පුහුණු ජාතික වැඩසටහන් පැවැත්වීම.
  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල ළමයින් හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් මනෝ සමාජිය දැනුවත් කිරීමේ /කළමනාකරණ ජාතික වැඩසටහන් පැවැත්වීම.
  • ළමා රැදවුම් මධ්‍යස්ථාන වල සිටින කාර්ය මණ්ඩලය සහ ළමුන් වෙනුවෙන් මනෝසමාජිය දැනුවත් කිරීමේ /පුහුණු/කළමනාකරණ ජාතික වැඩසටහන් පැවැත්වීම.
  • සහතික කල පාසල් වල ළමුන් හා කාර්ය මණ්ඩලය සදහා මනෝ සමාජිය දැනුවත් කිරීම /පුහුණු/කළමනාකරණය ජාතික වැඩසටහන් පැවැත්වීම
  • ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදහා වන මාර්ගෝපදේශන පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් පැවැත්වීම
  • මානසික සෞඛ්‍ය සංවර්ධනය හා මනෝ සමාජයීය සහායයන් සම්බන්ධ ජාතික වැඩසටහන් පැවැත්වීම
  • දිරිය වැඩසටහන - වින්දිත, ආන්තික, අනාරක්ෂිත හා අවදානමට ලක් වූ දරුවන් සදහා මනෝ සමාජියීය සහායයන් ලබාදීම, සම්බන්ධීකරණය හා ජාතික වැඩසටහන් පැවැත්වීම
  • “සියපත් සුරැකුම්“ - වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ජිවත් වන ළමුන් සදහා ළමා මිතුරු සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් වන ළමා ආරක්ෂක ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  • අපයෝජනයට ලක් වූ, අපයෝජනයට ලක් විය හැකි, එකී අවධානමක සිටින සහ මානසික රෝගවලින් පෙලෙන සහ මානසික ගැටළු ඇති ළමයි හදුනා ගැනීම සදහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම
  • අවශ්‍ය විටකදී අදාළ විශේෂඥ සහය ලබා ගැනීමෙන් බහු ශික්ෂක එළබුමක් (multidisciplinary approach) සමග සිද්ධි කළමනාකරණය
  • ළමයින්ගේ මනෝ සමාජියීය යහපත සදහා දෙමාපියන්ට, භාරකරුවන්ට හා වගකිවයුත්තන්ට උපදේශනය හා මනෝ සමාජියීය මැදිහත් වීම සිදුකිරීම.

  • ළමා අපයෝජනයන් හේතුවෙන් වින්දිතභාවයට පත් ළමුන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කර ගැනීම සදහා පුර්ව සුදානම් කිරීම, උපදේශනය සහ අනෙකුත් මනෝ සමාජිය මැදිහත්වීම ලබා දීම.

  • දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්, දිස්ත්‍රික් මනෝ සමාජියීය නිලධාරීන් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් වෙත ඉදිරි ක්‍රියාමාර්ග ලබා ගැනීම සදහා පැමිණිලි යොමුකිරිම, සම්බන්ධීකරණය අධීක්ෂණය හා පසුවිපරම .
  • ළමා උපදේශනය හා මනෝ සමාජියීය මැදිහත්වීම් සදහා "සිත් සවිය" ජාතික වැඩසටහන යටතේ විවිධ අමාත්‍යංශ, රෝහල්, මිතුරු පියස හා වෙනත් අදාල ආයතන වල සේවා නිලධාරීන් වෙත යොමුකිරිම සහ මනෝ සමාජියීය යහපැවැත්ම සදහා උපදෙස්, උපදේශන සහ මගපෙන්වීම් ලබාදීම හා පසුවිපරම

ජාතික මාර්ගෝපදේශන

  • ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශන (2019) සකස් කිරීම.
  • ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන අවම ප්‍රමිතීන් හා මාර්ගෝපදේශන සකස් කිරීම.

 

විෂය මාලා

  • සාමාන්‍ය ළමා සුරැකුම් පාඨමාලාව (ජාතික වෘත්තීය පුහුණු- NVQ 4) 2017 ප්‍රකාශන
  • පුහුණු මාර්ගෝපදේශය (සාමාන්‍ය ළමා සුරැකුම් පාඨමාලාව- NVQ 4) 2019 ප්‍රකාශන

 

අත්පොත් හා විවිධ ප්‍රකාශන

  • ශික්ෂා අත්පොත - ප්‍රාථමික පාසල් ගුරුවරුන් සඳහා ධනාත්මක ශික්ෂණය පුහුණුව පිලිබඳ අත්පොත
  • හදිසි ආපදා තත්ත්වයකදී දරුවන් සඳහා වන මනෝ සමාජයීය ප්‍රථමාධාර පිලිබඳ අත්පොත
  • ළමා ලොවට මව්පිය සවිය - දෙමාපියන්ගේ කුසලතා වර්ධන අත්පොත
  • අත් පත්‍රිකා - ළමයින් හට මනෝ සමාජයීය සහය ලබා දීම.
  • "සාර පස" සිද්ධි අධ්යනය සංග්‍රහය

සියලු ආකාරයේ ළමා අපයෝජනය වැලැක්වීම, ළමා මානසික සෞඛය, ළමා මනෝ සමාජියීය සංවර්ධනය, ළමා සංවර්ධනය සහ මනෝ සමාජයීය කළමනාකරණයට සම්බන්ධ සියලු විෂයන් සදහා අවශ්‍ය සම්පත් දායකත්වය, පෙරපාසල් සහ පාසල්, අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල, විවිධ රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන සදහා ලබාදීම

ප්‍රියංගිකා රත්නායක මහත්මිය

සහකාර අධ්‍යක්ෂ (මනෝ විද්‍යා)
Read more