නීති සේවා | National Child Protection Authority
නීති සේවා  Banner image

නීති සේවා

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ "නීති අංශය "මඟින් "1998 අංක 50 දරන ජාතික ළමා අධිකාරී පනත" අනුව විවිධ කාර්යයන් ක්‍රියාත්මක කෙරේ.එමඟින් අපයෝජනයට පත් දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග තහවුරු කරයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතට අමතරව, පහත පනත් මඟින් අධිකාරියට බලය පවරා ඇත.

  1. 2005 අංක 16 දරන සුනාමි (විශේෂ විධිවිධාන ) පනත
  2. 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත

NCPA promotes the Best interest of the child provisions in the ICCPR Act No. 56 of 2007 for ensuring protection for children.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති අංශය මඟින් ලබා දෙන සේවා

  • මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම.
  • පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයන්හි චෝදනා ගොනු කරන අතර, එම නඩු විභාග අවස්ථාවේදී නීතිඥ නියෝජනය අවශ්‍ය වුවහොත් පමණක් නීති අංශය දායක වේ.
  • කොමිෂන් සභාහවල පෙනී සිටීම.
  • කම්කරු විනිශ්චය සහා ඉදිරියේ පෙනී සිටීම.

  • වින්දිත ළමුන් සඳහා වන ළමා සුරැකුම් ආයතන සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • රජයේ රැඳවුම් නිවාසවල (Government Receiving Homes), ළමා සුරැකුම් සේවකයන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සේවකයින් සඳහා වාර්ෂික පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • දිවා ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ළමා භාරකාර සේවකයින් සඳහා අධීක්ෂණ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම.

  • රිමාන්ඩ් බන්ධනාගාර සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • සහතික කරන ලද පාසල් (Certified School) - වයස අ.වු. 12-16 සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • තරුණ අපරාධකරුවන්/වරදකරුවන් පුහුණු පාසල් (Youthful Offenders Training Schools) - වයස අ.වු. 12-21 සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • පොලිස් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම

  • පාසල් විෂයමාලා සහ පාසල් මාධ්‍ය සඳහා නීතිය සහ ළමයින් පිලිබඳ විෂයමාලා සැකසීම.
  • නීතිය සහ ළමයා පිලිබඳ ගුරුවරුන් හා විදුහල්වතිවරුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

  • ළමා ආරක්ෂණය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය
  • නීතිමය ලියකියවිල
  • එකඟතා/ගිවිසුම් සැකසීම/ අවබෝධතා ගිවිසුම්(MOU)/ සංදේශ සැකසීම.
  • එන්තර්වාසි (Letter of Demand) සහ වෙනත් නෛයිතික ලියකියවිලි සැකසීම.

  • 1929 උපදෙස් සදහා යොමු වීම පිලිබඳ දෛනික/ මාසික / අර්ධ වාර්ෂික හා වාර්ෂික වාර්තාකරණය
  • අධිකරණ සහ කොමිෂන් සභාහවල පෙනී සිටීම පිලිබඳ මාසික වාර්තාකරණය

අපව අමතන්න

ප්‍රීතිකා සකලසූරිය, අධ්‍යක්ෂ (නීති)

ළමා ආරක්ෂක අධිකාරිය

අංශ ප්‍රධානි - නීතිඥ

ඊ තැපෑල : preethikasa.ncpa@gmail.com

            legal@childprotection.gov.lk

දුරකථන: 011-2778911-12-14 (දිගු අංකය - 114)

ෆැක්ස් අංකය :

වෙබ් අඩවිය : www.Childprotection.gov.lk

යු ටියුබ් : National Child Protection Authority

ටිව්ටර් : @ChildLanka