ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ "නීති අංශය "මඟින් "1998 අංක 50 දරන ජාතික ළමා අධිකාරී පනත" අනුව විවිධ කාර්යයන් ක්‍රියාත්මක කෙරේ.එමඟින් අපයෝජනයට පත් දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග තහවුරු කරයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතට අමතරව, පහත පනත් මඟින් අධිකාරියට බලය පවරා ඇත.
- 2005 අංක 16 දරන සුනාමි (විශේෂ විධිවිධාන ) පනත
- 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2007 අංක 50 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් ප්‍රතිපාදන සපයන ළමයාගේ උපරිම යහපත තහවුරු කිරීම ප්‍රවර්ධනය කරමින් ළමා ආරක්ෂාව තහවුරු කිරීම සිදුකරනු ලැබේ
