නිතර අසන ප්‍රශ්න | National Child Protection Authority
නිතර අසන ප්‍රශ්න  Banner image

නිතර අසන ප්‍රශ්න (FAQs)

සිද්ධියේ ස්වභාවය අනුව විමර්ශනය සඳහා ගතවන කාලය තීරණය වේ.

නැත.ඒ පිළිබඳ බලය ඇත්තේ උසාවියටය.

අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකල යුතුය.

විමර්ශනය පිළිබඳ තොරතුරු හෙළි කිරීම විමර්ශන ක්‍රියාවලිය සඳහා අහිතකර බලපෑම් එල්ලවේ යැයි තීරණය කල විට අධිකාරිය විසින් විමර්ශනය පිළිබඳ පිටපත් නිකුත් කරනු නොලැබේ.

නැත.ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පැමිණිලි යොමු කිරීම සඳහා ඊට වෙන් වූ විශේෂ ළමා උපකාරක දුරකතන සේවයක් හඳුන්වා දී තිබේ.1929 ළමා උපකාරක දුරකතන සේවය, විද්‍යුත් තැපෑල මගින් හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එවන ලිපියක් මගින් අදාල පැමිණිල්ල යොමු කල හැක.

1929 සේවාව සැපයීම සඳහා සීමිත නිලධාරීන් පිරිසක් පමණක් සිටින බැවින් නිලධාරීන් වෙනත් ඇමතුමක් නිසා කාර්යබහුල විය හැක.එබැවින් මොහොතක් රැදී සිටින්න.නැතිනම් නැවත සම්බන්ධ කරගැනීමට උත්සහ කරන්න.

ළමුන් සම්බන්ධව කෙරෙන සියළු පැමිණිලි වැදගත් වූවද පැමිණිල්ලේ හෝ සිද්ධියේ බරපතලකම අනුව අධිකාරිය විසින් ප්‍රමුඛ කොට සලකනු ලැබේ.ළමයා කෙරේ හදිසි තර්ජනයක්, අවධානමක් නොමැති නම් එවැනි පැමිණිලි සඳහා මැදිහත්වීම වඩා අවදානම් සහගත පැමිණිලිවලට මැදිහත් වීමෙන් පසු සිදුකෙරේ.

මෙය ළමයා මුහුණපාන ලද අපයෝජනයේ ස්වභාවය සහ බලාපොරොත්තු වන සහය අනුව තීරණය වේ.

පැමිණිලිකරුට වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් මගින් සාධාරණයක් සිදුවී නැති අවස්ථාවක හෝ මැදිහත්වීමේ හැකියාව සලකා බලා අධිකාරියේ සභාපතිවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අවසර දෙනු ලැබේ.

නැත.මෙම සේවාව සඳහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්න.

නැත.අධිකාරිය විසින් එසේ ආධාර ලබාදීමක් සිදු නොකෙරේ.