එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ළමා වෙළඳාම සඳහා ප්‍රධාන අංග දෙකක් ඇතුළත් වේ.
- ක්‍රියාව: තැනැත්තන් බඳවා ගැනීම, ප්‍රවාහනය, ස්ථාන මාරු කිරීම, රැකවරණය දීම හෝ භාරකාරත්වය දැරීම.
- අරමුණ: සූරාකෑමේ අරමුණ ඇතුළත්ව, වෙනත් පුද්ගලයන් විසින් ගණිකා වෘත්තියේ යොදවා සූරා කෑම, ලිංගික සූරාකෑම, බලහත්කාරයෙන් සේවයේ යෙදවීම, වහල්භාවය හෝ වහල්භාවයට සමාන ක්‍රියා, ශරිර අවයව ඉවත්කර ගැනීම.
ළමා වෙළදාම යනු කුමක්ද?
ළමා වෙළඳාම හේතුකොට ගෙන වින්දිතයන් බවට පත්වන ළමයින් සූරාකෑමේ අරමුණින් බඳවා ගැනීම, ප්‍රවාහනය, මාරු කිරීම, රැකවරණය දීම හෝ පුද්ගලයින් භාර ගැනීම අදහස් වේ. ඔවුන් ඉදිකිරීම් වැඩබිම්වල හෝ ගෘහ සේවකයන් ලෙස නිවෙස්වල, ළමා යාචකයන් ලෙස වීදියේ, ගොවිපලවල, ජංගම අලෙවි කණ්ඩායම්වල හෝ ආපන ශාලා සහ හෝටල්වල බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබිය හැකිය. සමහරුන්ව ගණිකා මඩම්වල හෝ සමග යන්නන් සහ සම්බාහන සේවාවන්හි බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබිය හැකිය.
- ළමා වෙළඳාම සරලව අර්ථ දැක්වීම
ක්‍රියාව අරමුණ • බඳවා ගැනීම.
• ප්‍රවාහනය.
• රැකවරණය දීම.
• පුද්ගලයින් භාර ගැනීම.
සූරාකෑමේ අරමුණ සඳහා සූරාකෑම යන්නට අවම වශයෙන්
➜ ගණිකා වෘත්තියට යොදා සූරා කෑමට ලක් කිරීම හෝ වෙනත් ආකාරයේ ලිංගික සූරා කෑම.
➜ බලහත්කාර ශ්‍රමය හෝ සේවා ලබා ගැනීම.
➜ වහල් භාවය හෝ වහල් භාවයට සමාන වෙනත්
➜ ක්‍රියාවන් සිදු කිරීම.
➜ පරවශ්‍යතාවය
➜ ශරීර අංග ඉවත් කිරීම.
මිත්‍යාවට එරෙහිව සත්‍යය
මිත්‍යාව: වෙළඳාම්කරුවන් ඔවුන් නොහඳුනන පුද්ගලයන් වින්දිතයන් ලෙස ඉලක්ක කරයි.
සත්‍යය: බහුතරයක් අවස්ථාවල වින්දිතයන් ලෙස විකිණිම කරන්නේ ඔවුන්ව දන්නා තැනැත්තෙක්, මිතුරෙක්, පවුලේ සාමාජිකයෙක් හෝ පෙම් සබඳවතාව පවත්වන පාර්ශවයක් විසිනි.
මිත්‍යාව: මිනිස් වෙළඳාමේ ගොදුරුබවට පත්වන්නේ ගැහැණු ළමයින් සහ කාන්තාවන්
සත්‍යය: පිරිමි ළමයින් සහ පිරිමි පුද්ගලයන් ද ගැහැණු ළමයින් සහ කාන්තාවන් ද මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් ඒවා හඳුනාගැනීමටත් වාර්තාවීමටත් ඇති අවකාශය සීමිත වේ. බොහෝවිට ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් ගොදුරුවන විකිණීම් විවිධ ආකාර වේ. නිදසුනක් ලෙස ගැහැණු ළමයින් බලහත්කාරයෙන් විවාහකරදීම සහ ලිංගික සූරාකෑම් සඳහා විකිණිය හැකි අතර පිරිමි ළමයින් බලහත්කාරයෙන් වැඩ ගැනීම සඳහා විකිණිය හැකිය.
මිත්‍යාව: විකිණීමට ගොදුරුවන ළමයින්ට බැහැරට පිටව යාමට නොහැකිය හෝ ඔවුන්ගේ කැමැත්තට එරෙහිව රඳවා සිටී.
සත්‍යය: විකිණීමට බලය සම්බන්ධ විය හැකිය. එනමුත් තර්ජනය, බලකිරීම හෝ රැවටීම හරහා ද ළමයින් විකිණිමට ලක්විය හැකිය. භෞතික සීමා කිරීම් සහ පීඩාවන්ට අමතරව මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, ප්‍රචණ්ඩ සම්බන්ධතා, පොළඹවා ගැනීම, මූල්‍ය ස්වාධීනත්වය නොමැතිකම, පවුලෙන් සහ මිතුරන්ගෙන් දුරස්වීම ඔස්සේ විකිණීමට ගොදුරුවන ළමයින් පාලනය කළ හැකිය.
- ළමා වෙළඳාම් සිදු වන ආකාර
- ලිංගික කටයුතු සඳහා විකිණීම/ ගණිකා වෘත්තිය
- බලහත්කාරයෙන් වැඩ ගැනීම / වහල් භාවය
- වාණිජ සූරාකෑම්
- වින්දිතයන් හඳුනා ගැනීමට අවධානය යොමු කළ යුතු ප්‍රධාන සළකුණු:
- මෙහි දැක්වෙන ඇතැම් සළකුණු ළමා වෙළඳාමේ ගොදුරක් බවට අනුමාන කරන ළමයෙකු ඔබ දුටුව හොත් මෙම සළකුණු ගැන සැලකිලිමත් වන්න. කණස්සල්ල, මානසික අවපීඩනය, ව්‍යාකූලත්වය, කාලය පිළිබඳ හැඟීම ගිලිහී ඇති බව, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අවභාවිතයේ සළකුණු, දෙමාපිය භාරකරුවකු සමග අවම හෝ සබඳතා නොමැති තත්වය ඇතුළුව සමාජීය සහ චිත්තවේගීය සළකුණු ළමයා වෙතින් දිස්විය හැකිය.
- බැහැරට පෙනෙන අවම මට්ටමේ පවිත්‍රතාවය පිළිබඳ සළකුණු මන්දපෝෂණය, තෙහෙට්ටුව, ශාරීරික හෝ ලිංගික අපයෝජනයන් නිසා සුව වීමේ විවිධ අවස්ථාවන්හි පවතින තුවාල / සීරීම් සඳහන් කෙරෙන වයසට වඩා අඩු පෙනුමක් ළමයාට පැවතීම.
- නීති - ජාත්‍යන්තර හා දේශීය
- 3(අ) වගන්තිය - තැනැත්තන් වෙළඳාම වැලැක්වීම, මර්ධනය කිරීම සහ දඬුවම් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංධානය (පැලමෝර් සංධානය)
මෙමඟින් අරමුණු වන්නේ,(අ) ළමයින් සහ කාන්තාවන්ට නිශ්චිත අවධානය දෙමින් තැනැත්තන් වෙළඳාම වැලැක්වීම
සහ ඊට එරෙහිව පියවර ගැනීම.(ආ) මිනිස් වෙළදාමේ ගොදුරුවූවන්ගේ මානව හිමිකම්වලට පූර්ණව ගරු කරමින් ඔවුන්ට
රැකවරණය හා සහය සැලසීම.(ඇ) ඉහත අරමුණු ඉටු කරගැනීම සඳහා රාජ්‍ය පාර්ශවයන් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය
- 360ඇ (1) (ඇ) - වරදකරුවකු වුවහොත් අවුරුදු 20 ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බව ශ්‍රී ලංකා
දණ්ඩ නීති සංග්‍රහය දක්වයි.
සංලක්ෂය : ළමයා යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකි.
- 3(අ) වගන්තිය - තැනැත්තන් වෙළඳාම වැලැක්වීම, මර්ධනය කිරීම සහ දඬුවම් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංධානය (පැලමෝර් සංධානය)
- ළමා වෙළඳාමේ ගොදුරක් බවට ළමයෙක් පත්ව ඇති බවට ඔබට සැකයක් ඇතිවී නම් කළ හැකිදේ:
ළමයෙක් ළමා වෙළඳාමේ ගොදුරක් බවට පත්ව ඇතැයි සැකයක් ඔබට ඇතිවන්නේ නම්,
සළකුණු හඳුනාගන්න. වාර්තා කරන්න. නවතාලන්න!
ඔබට 109 හෝ 1929 අමතා ළමා වෙළඳාම පිළිබඳව වාර්තා කළ හැක.
සංචරණ සහ සංචාරක ක්ෂේත්‍රයේ ළමා ආරක්ෂාව පිළිබඳ සංසදය යනු කුමක්ද?
රජයේ ආයතන, නීතිය බලාත්මක කෙරෙන ආයතන, සංචරණ සහ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන, ප්‍රජා මූල සංවිධාන, පෞද්ගලික අංශය, ළමා සහ තරුණ නියෝජිතයන් සහ අදාළ විෂය ප්‍රවීනයන් ඇතුළත්වන එකිනෙකට වෙනස් ආකාරයේ සහ ආයතන නියෝජිතයන් සාමාජිකත්වය දරන සංසදයකි.
2025 දෙසැම්බර් 01 වන දිනට සංසදයේ සාමාජිකයින්,
- ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (සභාපතිත්වය)
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
- ආගමන විගමන දෙපාර්තමේන්තුව
- කම්කරු දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා පොලීසිය - සංචාරක පොලීසිය , අන්තර්ජාල අපරාධ විමර්ශන සහ සයිබර් ආවේක්ෂණ ඒකකය, පොලිස් ළමා හා කාන්තා ඒකකය
- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
- ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය
- සස්ටේනබල් ශ්‍රී ලංකා
- සෙන්ටර් ෆො චයිල්ඩ් රයිට්ස් ඇන්ඩ් බිස්නස්
- වෝකර්ස් ටුවර්ස්
- ඇම්කෝර්
- සෙන්ටර් ෆො චිල්රන්ස් හැපිනස් ශ්‍රී ලංකා
- එක්පැට්
- ඉක්විටි ශ්‍රී ලංකා
- පවුල් සවිධාන සංගමය
- පරිසරය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සංවිධානය
- සේෆ් ෆවුන්ඩේෂන්
- සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය
- සේව් ද චින්රන්ස් ඉන්ටර්නැෂනල්
- එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල
- ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය
