ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයන් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන - 2025 | National Child Protection Authority
ජ්‍යෙෂ්ඨ  පාසල්  ශිෂ්‍ය නායකයන්  සඳහා  වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන  - 2025 Banner image
ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයන් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන - 2025

 

  ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයන් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන -2025

 

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන " පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන" ජ්‍යෙෂ්ඨ  පාසල් ශිෂ්‍ය නායකින්ගේ ළමා ආරක්ෂාව පිළිබද දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂයෙන් නිර්මාණය කරන ලද වැඩසටහනක් වේ.

මෙම වැඩසටහන  මගින් පාසල තුල ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන්  නායකත්වය දීම සඳහා ශිෂ්‍ය තානාපතිවරු සුදානම් කරනු ලැබේ. තවද   වර්තමාන ශ්‍රී ලංකික ළමුන්  ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කිරීම  සහ  ඔවුන්  නායකත්වයෙන් හෙබි වගකීම්  සහගත   පුරවැසියන්  බවට  පත් කිරීම මේ තුළින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කෙරේ. 


ළමා ආරක්ෂාව පිලිබඳ පුහුණු , නායකත්ව වැඩසටහන් , ජිවන නිපුණතා සංවර්ධන වැඩසටහන් සඳහා සම්බන්ධවීමට කැමතිනම් ඔබේ පාසලත් ශිෂ්‍ය තානාපති පාසලක් ලෙස ලියාපදිංචිකරන්න.

රජයේ පාසල්, අර්ධ රාජ්‍ය පාසල්, ජාත්‍යන්තර පාසල්, පුද්ගලික පාසල් වලට  මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇත.

මෙම වැඩසටහන පාසල් ශිෂ්‍ය නායකයන් අනාගත නායකන් වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  ළමුන් ප්‍රමුඛ කරගනිමින් කටයුතු කරන පිරිසක් බවට පත්කිරීම සිදුකෙරේ.

 

මෙම වැඩසටහනේ අරමුණු :

  1. ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම.
  2. පාසල තුළ ළමා අපයෝජන සිදුවීම් අවම කරගැනීම සහ වලක්වා ගැනීමට ශිෂ්‍ය නායකයින්ගේ දායකත්වය ලබා ගැනීම.
  3. ශිෂ්‍ය නායකයින් ළමා ආරක්ෂාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගිකරවා ගැනීම.
  4. පාසල තුළ ළමා හිතකාමී සහ ආරක්ෂාකාරී පරිසරයක් ඇතිකිරීමට ශිෂ්‍ය නායකයන්ගේ නායකත්වය ඇතුළු දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා මැදිහත්කරණය.
  5. ළමා ආරක්ෂාවේ වගකීම සහ වගවීම දරන ශිෂ්‍ය නායක ප්‍රජාවක් බිහිකිරීම සඳහා දායකත්වය ලබාදීම.

 

වැඩිදුර තොරතුරු සඳහා :

ශානිකා මලල්ගොඩ

අධ්‍යක්ෂක - සැලසුම් සහ තොරතුරු

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දුරකථන: 071 - 715 15 06

011- 2778911 දිගුව (142)

 

ලක්ෂිකා මැණික්බෝව

සහකාර අධ්‍යක්ෂක -  සැලසුම් සහ තොරතුරු

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දුරකථන: 074 - 2564359

011- 2 77 89 11 දිගුව (144)

 

 

පහත සඳහන් ලියාපදිංචි පෝරමය නිවැරදිව සම්පුර්ණකර 2025 අප්‍රේල් මස 30 වන දිනට හෝ එදිනට පෙර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට යොමුකරන්න.

වම් පස ඉහල කෙලවරේ " ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන - 2025 " ලෙස සඳහන් කරන්න 2022, 2023 සහ 2024 වර්ෂවලදී ශිෂ්‍ය තානාපති පාසල් ලෙස ලියාපදිංචිවූ පාසල් නැවත  ලියාපදිංචිවීම අවශ්‍ය නොවේ.