01. ඔබේ දරුවාත් නවීන ජංගම දුරකතනයට, අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද..? | National Child Protection Authority
01. ඔබේ දරුවාත් නවීන ජංගම දුරකතනයට, අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද..?  Banner image

01. ඔබේ දරුවාත් නවීන ජංගම දුරකතනයට, අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද..?

වැඩිහිටියන් විසින් ලබාදිය යුතු යහපත් ප්‍රතිචාර

  • අන්තර්ජාලයේ අයහපත් පැතිකඩ දරුවාට පෙන්වා දෙන්න

     

    • පරිගණකය නිවසේ පොදු ස්ථානයක තබන්න.
    • දරුවා පරිගණකය භාවිතා කරන අවස්ථාවේ දී ඔබ ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින්න.
    • පරිගණක භාවිතය දිනකට උපරිම පැයකට සීමා කරන්න.
    • පරිගණකය යහපත්ව භාවිතා කරන ආකාරය ගැන මෙන්ම අයහපත් භාවිතයෙන් සිදු විය හැකි හානි පිළිබඳව දරුවා දැනුවත් කරන්න.

     

  • දුරකතනයක් අරන් දීමට පෙර එය දරුවාට සුදුසු ද යන්න සිතා බලන්න

     

    ඔබ දන්නවාද අන්තර්ජාලය හෝ සමාජ ජාලා තුළ සිදු කරනු ලබන අසභ්‍ය පළ කිරීම් මෙරට නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව. 

    සමාජ ජාලා තුළ සිදුවන අසභ්‍ය පලකිරීම් ඇතුළු සමාජ විරෝධී කටයුතු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට හා ඔබ විසින් සමාජ ජාලා තුළ සිදු කරන කටයුතු අධීක්ෂණය කිරීමට ආයතන ස්ථාපිත කර පවතී.

    එම නිසා සමාජ ජාල භාවිතයේ දී, ඡායාරූප හා වීඩියෝ පට හුවමාරු කිරීමේ දී පවතින අවදානම් සහගත බව පිළිබඳව දරුවා දැනුවත් කරන්න.

     

  • අන්තර්ජාලය පාලනයකින් යුතුව ලබා දෙන්න
  • ගෙදර සාමාජිකයන්ට පෙනෙන ස්ථානයක පරිගණකය තබන්න

     

    අන්තර්ජාලය භාවිතයේ දී පිළිපැදිය යුතු ආචාරධර්ම.

    • ව්‍යාජ ඊ-මේල් ගිණුම්, සසමාජ ජාල වෙබ් අඩවි සෑදීමෙන් වළකින්න.
    • අන් අයගේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ තොරතුරු අන්තර්ජාලයට එක් නොකරන්න.
    • අන්තර්ජාලය තුළ පුද්ගලිකත්වය ආරක්ෂා නොවන තොරතුරු භාවිතා නොකරන්න.
    • පුද්ගලයකුට, අයතනයකය, ආගමකට හෝ දේශපාලන පක‍්ෂයකට අපහාස වන අයුරින් අන්තර්ජාලය භාවිතා නොකරන්න.
    • පුද්ගලයෙකුගේ ඡායාරූප වෙනස් කිරීම, බද්ධ කිරීම එවැනි දේ කර මුහුණු පොතට හෝ වෙනත් වෙබ් අඩවිවලට ඇතුල් නොකරන්න.

 

02. දරුවන් රූපවාහිනියට සහ පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වෙලා ද?

වැඩිහිටියන් විසින් ලබා දිය යුතු යහපත් ප්‍රතිචාර

  • දරුවා රූපවාහිනිය සමඟ ගත කරන කාලය උපක්‍රමශීලීව ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න

     

    • රූපවාහිනිය නැරඹීම උපරිම පැය 2කට සීමා කරන්න.
    • ඔබ කුඩා කාලය ගත කළ අයුරු, අද වන විට කාලය වෙනස් වී ඇති ආකාරය, කාලය නිකරුණේ ගත කළ නිසා ජීවිතයේ ඔබට මඟ හැරුණු අවස්ථාවන් ගැන දරුවා සමඟ කතා කරන්න.
    • ඒ තුළින් කාලයේ ඇති වටිනාකම දරුවාට අවබෝධ කර දෙන්න.
    • විවිධ උපක්‍රම භාවිතා කිරීමේ දී දරුවාගේ වයස, ස්ත්‍රී-පුරුෂ බව, දරුවාගේ කැමැත්ත පිළිබඳව වඩාත් සැළකිලිමත් වීමෙන් ඔබේ උත්සාහය වඩාත් සාර්ථක වේ.
    • දරුවන් රූපවාහිනිය තුළින් නරඹන වැඩසටහන්හි හොඳ නරක දරුවන් සමඟ සාකච්ඡා කරන්න. හොඳ වැඩසටහන් හඳුනා ගැනීමට දරුවාට සහය වන්න.

     

  • හොඳ මිතුරන් ඇසුරු කිරීමට දරුවාව දිරිගන්වන්න.

     

    • පාසලේ දී / නිවසේ දී දරුවන්ට අවස්ථානුකූලව වගකීම් පැවරීම සිදු කරන්න.
    • වගකීම් පැවරීමේ දී දරුවන්ගේ විවිධ වූ දක්ෂතාවයන් මැනවින් හඳුනා ගනිමින් වගකීම් පවරන්න.
    • එය අධ්‍යාපන දක්ෂතාවන්ට පමණක් සීමා නොකිරීමට වගබලා ගන්න.

     

  • වගකීම් දැරීමට අවස්ථාව සලසා දෙන්න
  • කුඩා කල සිට හැකිතාක් දරුවන් රූපවාහිනියෙන්, පරිගණක ක්‍රීඩා වලින් දුරස් කර තබන්න.
  • වයසට ගැළපෙන විනෝදාංශ වලට දරුවන් යොමු කරන්න.

     

    • කුඩා කල සිට යම් විනෝදාංශයකට දරුවා හුරු කිරීම ඉතා වැදගත් වේ.
    • විනෝදාංශයක් තෝරා ගැනීමේ දී දරුවාගේ කැමැත්තට ප්‍රමුඛතාවය ලබා දෙන්න.
    • එහිදී ඔබ සහාය වන්නකු මිස තීරණ ගන්නෙකු නොවන්න.
    • යහපත් විනෝදාංශ තුළින් ලබන අත්දැකීම දරුවාට සිය අනාගත වෘත්තීය ජීවිතයට මඟපාදන්නක් විය හැකිය.