ළමා අපයොජන නඩු සඳහා ස්වෙච්ඡාවෙන් ක්‍රියා කරනු ලබන නීතිඥ සංචිතය | National Child Protection Authority
ළමා අපයොජන  නඩු සඳහා  ස්වෙච්ඡාවෙන්  ක්‍රියා කරනු ලබන නීතිඥ සංචිතය Banner image
ළමා අපයොජන නඩු සඳහා ස්වෙච්ඡාවෙන් ක්‍රියා කරනු ලබන නීතිඥ සංචිතය

 

ළමා අපයෝජන නඩු සදහා ස්වේච්ඡාවෙන් ක්‍රියා කරනු ලබන නීතිඥ සංචිතය

 

     ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස නීතිඥ සේවා ලබා  ගැනීම සදහා නීතිඥ සංචිතයක් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කරයි. ළමා අපයෝජනය වින්දිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමත් කරුණු දැක්වීමත් අපේක්ෂා කරන අතර බැදියාවන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගනිමින් කටයුතු කල හැකි සුදුසුකම්ලත් නීතිඥවරුන්ගෙන් අයදුම්පත් කැදවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කරයි.

 

  1. නීතිඥවරයෙකු ලෙස අවු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් තිබිය යුතුය .
  2. මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනී සිටීම පිළිබද පළපුරුද්දක් තිබිය යුතුය .
  3. සියලු වෘත්තිය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතුය.
  4. අධිකාරිය සමග රහස්‍ය ප්‍රකාශයකට එළඹිය යුතුය.
  5. ඔබට නීතිඥ සේවා සැපයිය හැකි අධිකරණයන් පිහිටි ස්ථාන නිශ්චිතව අයදුම්පතේ සදහන් කරන්න.

 

ඔබගේ අයදුම්පත් 2025.01.30 දිනට පෙර chairman@childprotection.gov.lk  වෙත යොමු කරන්න.

 

 

 

 

සභාපති

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල,

කෝට්ටේ.