2025 විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් යොමු කිරීම විවෘත කර ඇත | National Child Protection Authority
2025 විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් යොමු කිරීම විවෘත කර ඇත Banner image
2025 විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් යොමු කිරීම විවෘත කර ඇත

 

 

ළමා ආරක්ෂාව පිළිබඳ විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන - 2025

 

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන “ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන ” විශ්වවිද්‍යාල සිසුන්ගේ ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණුකර ගත් විශේෂයෙන් නිර්මාණය කරන ලද වැඩසටහනක් වේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඕනෑම රාජ්‍ය විශ්වවිද්‍යාලක අභ්‍යන්තර උපාධි අපේක්ෂක පළමු, දෙවන සහ තුන්වන වසර සිසුන්ට පමණක් මෙම ස්වේච්ඡා වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය.

මෙම වැඩසටහන විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරපුර අතර ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම වර්ධනය කරමින්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් සමාජගත කිරීමේදී ළමා ආරක්ෂාව පිළිබඳ දැනුමින් පරිපූර්ණ උපාධිධාරියෙක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් තිරසර වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධ වෙමින් සිදුකිරීමට අපේක්ෂිතය.

 

මෙම වැඩසටහනේ අරමුණු

      1. ළමා ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් සහ වගවීමෙන් යුතු තරුණ ප්‍රජාවක් බිහිකිරීම.

      2. ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම

      3. ළමා හිතකාමී සහ ළමයින් සඳහා ආරක්ෂාකාරී පරිසරයක් ඇතිකිරීමට විශ්වවිද්‍යාල  සිසුන්ගේ ළමා ආරක්ෂාව සම්බන්ධ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම. 

      4. ළමා අපයෝජන සිදුවීම් අවම කරගැනීම සහ වලක්වා ගැනීමට විශ්වවිද්‍යාල  සිසුන්ගේගේ යෝජනා ලබා ගැනීම සහ ඒ සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සහ දායකත්වය ලබා ගැනීම.

      5.විශ්වවිද්‍යාල  සිසුන් ළමා ආරක්ෂාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට  සහභාගිකරවා ගැනීම

      6. විශ්වවිද්‍යාල  සිසුන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් ළමා ආරක්ෂාවේ ප්‍රතිපත්ති  සම්පාදනයට සහ ආණ්ඩුවට උපදෙස් ලබා දීමට දායකකර ගැනීම.

      7. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිළධාරීන් සමග සම්බන්ධීකරණය සඳහා අවස්ථා ලබා දීම.

 

වැඩිදුර තොරතුරු සඳහා :

ශානිකා මලල්ගොඩ මහත්මිය
අධ්‍යක්ෂ සැලසුම් හා තොරතුරු
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දු.ක: 071 - 715 15 06

011- 2778911 දිගුව (142)

 

ධනුෂ්ක සේනාරත්න
මාධ්‍ය හා තොරතුරු නිලධාරී
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දු.ක: 071- 5 78 97 75

011- 2778911 දිගුව (141)

 

 

පහත  අයදුම් පත්‍රය බාගත කර නිවැරදිව සම්පුර්ණ කරනලද අයදුම් පත්‍රය 2025 ජූනි 30 වන දිනට හෝ එදිනට පෙර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නො. 330, තලවතුගොඩ පාර  මාදිවෙල, ශ්‍රී ජයවර්ධන පුර  ලිපිනයට එවන්න.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති වැඩසටහන - 2025 ලෙස ලියුම් කවරයේ වම් පස ඉහල කෙළවරේ සඳහන් කරන්න.